The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    මහින්ද රාජපක්ෂ ගියවර ජනාධිපතිවරණයේ දී හොර ඡන්ද දැමුවාදැයි සැකයක්

     

    20/Aug/2015

     

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණය ලක්ෂ 58කට ආසන්න වේ. එම අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේනට මහතාට ලැබුන ඡන්ද ප්‍රමාණය ආසනන වශයෙන් ලක්ෂ 62ක් පමණය.

    නමුත් මෙවර මහමැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ අගමැති කරවීම සඳහා වෙනුවෙන් පෙනීසිටි එක්සත් ජනතා නිදහස් සංධානයට ලැබුනේ ඡන්ද ලක්ෂ 47ක් පමණි. මෙය මීට මාස 6කට පෙර පැවති ජනාධිපතිවරණයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා ලක්ෂ 11ක පමණ අඩුවීමකි. එමෙන්ම මෙවර මහමැතිවරණය සඳහා තරඟ කිරීමේ දී එක්සත් ජනතා නිදහස් සංධානයෙන් කිසිඳු පාර්ශවයක් කැඩී වෙන්වී ගියේ නැත. ඒ වෙනුවට සිදුවූයේ පසුගිය ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වූ දුමින්ද දිසානායක, ප්‍රසන්න සෝලංගාරච්චි වැනි ප්‍රභල දේශපාලන චරිත එක්සත් ජනතා නිදහස් සංධානය සමඟ එක්වීමයි.

    මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි පාර්ශවය කොටස් කිහිපයකට කැඩීගොස් තිබේ. එසේ වුවත් ඔවුන් සියළු දෙනා මෙවර මහමැතිවරණයේ දී ලබාගත් ඡන්ද එකතුකළ විට එම ප්‍රමාණය ඔවුන් ජනාධිපතිවරණයේ දී ලබාගන්නාලද ඡන්ද ප්‍රමාණය වන ලක්ෂ 62ට ඉතාම ආසන්න අගයක් ගනියි.

    මාස 8ක් තුල ඡන්ද ලක්ෂ 11ක් අඩුවීම ඉතාම විරල සිද්ධියකි. මෙම තත්වය පිළිගත නොහැකි බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම මේවන විට ප්‍රකාශ කර ඇත.

    එමේන්ම මැතිවරණ කොමසාරිස් ඇතුළු දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂකන් සියළුදෙනාගේම අදහස වී තිබුනේ මෙවර පැවති මහමැතිවරණය දශක කිහිපයකින් පසු ලංකාව තුල පවත්වන්නට යෙදුන සාමකාමීම සහ වඩාතිම විනිවිධභාවයෙන් යුක්ත මැතිවරණය බවයි.

    නමුත් පැවති ජනාධිපතිවරණයේ තත්වය එලෙස නොවේ. එම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ රෙජිමය තමා සතු සියළුම බලතල භාවිතා කරමින් ඡන්දය තමාගේ වාසියට හරවාගැනීමට සියළු කටයුතුකරන ලදී. මේ කරුණු අතර හොර ඡන්ද දැමීමේ සිට ඡන්ද පෙට්ටි කොල්ලකෑමට තැත්කිරීමේ දක්වා සියළුම අක්‍රමිකතා සිදුවූ බව එම අවස්ථාවතුලදී වාර්ථා විය. මේ බව දේශීය සහ ජාත්‍යන්තර නිරීක්ෂකයින් පවා වාර්ථාකොට තිබුනි.

    මේ අනුව මෙසේ ජනවාරි 8වෙනිදා තිබුන නමුත් අගෝස්තු 17 වන දිනය වෙද්දී නැතිවුන ඡන්ද ප්‍රමාණය සම්පූර්ණයෙන්ම නොවුනත් එම ඡන්ද ප්‍රමාණයෙන් සැලකියයුතු කොටසක් මෙසේ හොරෙන් දමනලද ඡන්ද වියහැකියයි සාධාරණ සැකයක් ඇතිවීම වැලැක්විය නොහැක.

    මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂනයක් සිදුකිරීම ශ්‍රී-ලංකා ජනතාව තුල මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන්බිඳවැටී ඇති විශ්වාසය නැවත වර්ධණය කරවීමට හේතුවනු ඇති.