The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    මහින්ද තවමත් දූෂිත රාජ්‍ය ආයතනවල හොල්මන් කරයි

     

    30/Jan/2015

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේත් ඔහු යටතේ අමාත්‍යධූර දැරූ අමාත්‍යවරුන්ගේත් රාමුකරන ලද පැවැති රජය විසින් නිකුත් කරන ලද ඡායාරූප, දූෂණය සහ අක්‍රමිකතා බහුල ලෙස සිදුවූ ඇතැම් රාජ්‍ය ආයතනවල ජනතා ප්‍රදර්ශනය සඳහා තවමත් එල්ලා ඇති බවට වාර්තාවේ. මේ අතර ‘ලක් සතොස’ ප්‍රධාන ස්ථානයක් හිමිකර ගනී. එම ස්ථානවල පාලකයකින් පසුගිය රාජපක්ෂ පාලනයට ආවැඩූ ගැත්තන් ලෙස වාර්තාවන අතර ඔවුන් තවදුරටත් තම හීනමානය සහ බලය දේශපාලන පෙන්වීම සඳහා මෙය සිදුකරන බවට වාර්තාවේ. ඇතැම් ප්‍රධාන තැපැල් ස්ථානවලට, දුම්රිය ස්ථානවල මෙම තත්වය දැකීමට ලැබෙන බවට වාර්තාවේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ, පෙර රාජපක්ෂ පාලනය මෙන් මානසික ව්‍යාධියකින් පෙලෙමින් සෑම තැනම කටවුට් ගැසීම වෙනුවට ඉන් මිදී යහපාලනයක් තුල ජනනා මුදල් නිකරුණේ වියදම් නොකොට ඉතිරිකිරීමට රජය ගන්නා උත්සහය අගය කළ යුතු බවත්, එහෙත් මෙසේ හිටපු ජනාධිපතිවරයාගේ සහ හිටපු අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධියේ රාජ්‍ය ආයතන තුල ජනතා ප්‍රදර්ශනයට තැබීම රාජ්‍ය සේවයේ රාජ්‍ය පක්ෂපාතීත්වය සහ ගෞවරය කෙළෙසා දැමීමක් වන බවයි. නව රජය මෙලෙස සෑම රාජ්‍ය ආයතන කාර්යාලයන් තුලම ඡායාරූප සවිකොකරන්නේ නම් එය ගැටළුවක් නොවුනද, එහෙත් මෙම පැරණි ඡායාරූප ජනතා ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීම සිදුකළ යුතුය. එසේම මෙය වත්මන් නව ජනාධිපතිවරයා කෙරෙහි මෙරට අතිබහුතර ජනතාව ලබාදුන් ජනවරම අවතක්සේරු කොට නොසලකා හැරීමක් ලෙසත් මෙය වක්‍රාකාරයෙන් ජනතාව අතර ජනාධිපතිවරයාගේ පෞරුෂයට සිදුකරන හානියක් වන බවත් දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.

    Share