The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    බිලියන ගණන් වියදම් කළේ මහින්ද අප්පොච්චගෙන් අරන් ආපු සල්ලිද..?

    02/June/2015

     

    මාර්ග 28ක් ඉදිකිරීම ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා ගෙන තිබූ රුපියල් බිලියන 55ක ණය මුදලින් බිලියන 28ක් මහා මාර්ග අමාත්‍යාංශයේ වෙනත් වැඩකටයුතුවලට යොදවා තිබෙන බවත් තමන්ට අවශ්‍ය පරිදි මහ ජනතාවගේ මුදල් භාවිතා කරන්නට බැරි යැයි ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (01) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

     

    පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව මහනුවර පැවැති හරිත භූමි ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයක දී ප්‍රකාශ කර තිබූ අතර මේ පිළිබඳව පිළිතුරක් ලබා දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ එම රුපියල් බිලියන 28 යොදාගෙන වෙනත් මාර්ග කිහිපයක් පිළසකර කළ බවයි.

    ජාතික ඉතිරි කිරීමේ බැංකුව මුදල් අමාත්‍යංශ ලේකම් හරහා අග්‍රමාත්‍යවරයාට පාරවල් 28හි ලැයිස්තුවක් සමඟ වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ සිය බැංකුවෙන් ලබා ගත් රුපියල් බිලියන 55න් බිලියන 28ක් වියදම් කර ඇත්තේ ලබා ගත් කාරණය වන අදාළ ලැයිස්තවේ සඳහන් පාරවල් 28 ප්‍රතිසංස්කරණය කිරීමට නොවන බව යැයි අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

    ශ්‍රී ලංකාවේ වලංගු මුදල් රෙගුලාසි අනුව මුදල් වියදම් කිරීමේ දී අධ්‍යාපනයට ණය අරන් සෞඛ්‍යට වියදම් කළ නොහැකි බවත් එලෙස ණය ලබාගත් ව්‍යාපෘති සඳහා වියදම් නොකර වෙනත් ව්‍යාපෘති හො වෙනත් කාර්යක් සඳහා එම මුදල් වියදම් කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

    මේ කරුණ ව්‍යාජ යැයි ඔප්පු කර පෙන්වන්නට හැකි නම් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එය සිදු කරන ලෙස අමාත්‍යවරයා පවසා සිටියේය.

    ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සෑම මුදලකටම රජය වගකිව යුතු බවත් මෙම බැංකුවේ තැන්පතු 200ක් පමණ තිබෙන බවත් මෙම මුදල් මහජනතාවගේ මුදල් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.