The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    මහින්ද යළි පරණ බජාර් එකට සෙට් වෙයි

    17/March/2015

     

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට පිවිසීම සඳහා තමා අගමැතිවීමට පෙර ඇසුරු කළ පිරිස් සහ පසුගිය කාලසීමාව තුල සබඳතා ගොඩ නඟාගත් පිරිස් වල බිම්මට්ටමේ, පහළ පෙළ පිරිස් සමඟ යළි ගනුදෙනු කිරීම අරඹා ඇතැයි වාර්තාවේ.

    එවකට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් මහින්ද රාජපක්ෂ මහතාට තිබුණු අභ්‍යන්තර කැපිල්ල හමුවේ ඉන් ගොඩ ඒමට මහින්ද වෙනුවෙන් උදවු කළ ඔහු සමඟ සන්ධ්‍යා භාගයේ මධු පිළිසඳරවල් පැවැත්වූ පිරිසක් විය. මහින්ද අගමැති වීමත්, ඉන් පසු ජනාධිපතිවීමත් සමඟ ඔහු වටා සිටි එම පිරිස නොසලකා හැර ගිය අතර වෙනම ඩීල්කාරයින් පිරිසක් මහින්ද වටා පැල්බැඳගත්හ. එහෙත් එදවස ජනපතිව සිටි මහින්ද රාජපක්ෂට තමා වටා පෙර සිටි එම පිරිස (බජාර් එකේ සෙට් එක – මෙය මහින්ද යම් අවස්ථාවල භාවිතා කරන්නකි) මතකයට පැමිණි අවස්ථාවලදී, ඔවුන්ට අවශ්‍ය දේ ලබාගැනීමට පැමිණෙන ලෙස ආරාධනා කළද බොහෝ පිරිස් එය නොසලකා හැරියහ.

     

    එහෙත් එම බොහෝ පිරිසක් තමන් සමඟ එකට සෙට් වූ බජාර් එකේ සිටි මචන්ගේ පසුපස ගොස් වරදාන වරප්‍රසාද ලබාගැනීමට ඉදිරිපත් නොවූහ. ඔවුන් බොහෝ දෙනෙකු පවසා ඇත්තේ, ‘ඕකට කරපු හැටි අපිනේ දන්නේ, මිනිසා ජනාධිපති වුණා කියලා වෙන උන් කොන්ද නමාගෙන දෙන්න ගියාට අපි එහෙම සෙකන්ඩ් වෙන්න සුදානම් නොමැති බවයි.’ මෙවැනි විවිධාකාර කාරණා නිසා එදා දුබලව සිටි මහින්ද සමඟ දැඩි විශ්වාසයකින් සහ අවංකව ලෙන්ගතුව සිටි පිරිස් ඔහුගෙන් දුරස් විය.

    එහෙත් මේ වන විට පැරදුණු මහින්දට යළි ගොඩයෑම සඳහා අතිශය විශ්වාසවන්තව කටයුතු කරන පිරිසකගේ අවශ්‍යතාවය මතුව ඇති අතර, ඒ සඳහා මහින්ද යළි තම පරණ බජාර් එකට සෙට් වීමෙන් සිටී. එහෙත් ඔවුන්ට ප්‍රශ්නය වී ඇත්තේ, මහින්ද වෙනුවෙන් ඔහු වටා ඔහු යළි දේශපාලනයට ගෙන ඒමට මෙතරම් ප්‍රබලයින් පිරිසක් පොරකමින් සිටින මොහොතක යළි අප කරා එන්නේ ඇයි ද යන්නයි.

    එයට පිළිතුරු ලෙස ‘ඔය කවුරුත් මාව උඩදාගෙන දගලන්නේ, මගේ පිටින් එයාලා ගොඩයන්න. එයාලගේ කේස් ටික ෂේප්නම්, එයාලට ඕනි තැන ලැබෙනවා නම් උන් අනිත් පැත්තේ. ඔය කොහොම මං වෙනුවෙන් දැගලුවත් මට දැන් ඔය එකෙක්වත් 100% ෂුවර් නැහැ. ඒත් ඔය එකෙක්වත් නැති වෙලාවේ මට ඔයාලා විතරයි පණට පණ දෙන්න හිටියේ. ඒකයි මට ඔයාලගේ සහයෝගය ඕනේ, මම එහෙම කළගුණ අමතක කරන මිනිහෙක් නොවෙයි” යනුවෙන් මහින්ද තම පරණ සඟයා සමඟ දැඩි ලෙන්ගතුකමින් පවසා ඇතැයි ඉතා විශ්වාසවන්ත ආරාංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

     

    Share