The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    පසුගිය රජයේ හොර මැරකම් ගැන වාස් ගුණවර්ධනගේ බිරිඳ හෙළි කළ රහස්

    31/jan/2015

     

    කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම ඇතුළු සිදුවීම් රැසකට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ රාජපක්ෂවරුන් සිදුකරනු ලැබූ වංචා, දූෂණ, පැහැරගැනීම් හා ඝාතන සිදුවීම් පිළිබඳව තොරතුරු රැසක් පිළිබඳ තොරතුරු හෙළිකරගත් නිසා බව ඔහුගේ බිරිඳ වන බිරිඳ ශ්‍යාමලී ගුණවර්ධන ඊයේ (29) දිනයේදී සිය නිවසට මාධ්‍යවේදීන් කැඳවා හෙළිකළාය.

    එහිදී ගම්පහ සිදුවූ පුද්ගල ඝාතන පිළිබඳව, විදුලිබල මණ්ඩලයේත් ඛණිජ තෙල් සංස්ථාවේත් සිදුවූ වංචා, ගණිකා නිවාස පවත්වාගෙන ගිය පුද්ගලයින්, කුඩු හා පාතාලය සමග ගනුදෙනු පැවැත්වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු ඔහු සතුව ඇති බවත් එම තොරතුරු හෙළිදරව් වීම වැළැක්වීමට වාස් ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බවත් ඇය පැවසුවාය.

    රාජපක්ෂ පවුලේ සමීපතමයකු ලෙස කටයුතු කළ වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා යොදා ගනිමින් සුදු වෑන් මාෆියාව පවත්වාගෙන ගිය බවට තොරතුරු මාධ්‍ය හරහා රටට අනාවරණය වූයේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම හෙළිදරව් වීමත් සමගය. මීට පෙර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ ‍ගෝඨාභය රාජපක්ෂ විසින් සුදුවෑන් මාෆියාව රට තුළ ක්‍රියාත්මක කළ බවත් පැහැරගැනීම් හා ඝාතනවලට ඔහු සෘජුව සම්බන්ධ බවත්ය.

     

    Share