top of page

රාජපක්ෂලා රටින් පැන්නූ ඩොලර් බිලියන 10ක් ආපහු ගැනීමට කාර්යසාධක බලකායක්

 

20/Mar/2015

රාජපක්ෂ පාලන සමයේදී වංචා සහගත ලෙස අත්පත් කර ගන්නා ලද රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීම සඳහා විශේෂ ජනාධිපති කාර්යසාදක බලකායක් පිහි‍ටුවයි.

මේ වන විට තොරතුරු හෙළිව තිබෙන පරිදි ඩුබයි ජාතික බැංකුවේ රටේ ප්‍රධාන පවුලකට සම්බන්ධ ගිණුම් 3 ක් පිලිබඳ තොරතුරු අනුව ඩොලර් බිලියන 2 කට වඩා වැඩි මුදලක් ඒවා එම පවුලේ සමාජිකයකු විසින් පසුගියදා එතැනින් ඉවත් කරකර තිබෙන බව කැබිනට් තීරන දැනුම් දීමේ ‍රැස්වීමේදී ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

 අමරිකානු හා ඉන්දියානු විශේෂඥයන් මේ සම්බන්ධ සියලු තොරතුරු විමර්ශනය කරගෙන යන බවත් එසේම පසු ගිය රජයේ පුද්ගලයන් ඩොලර් බිලියන 10 කට වඩා මෙරට මුදල් විදේශිය ගිනුම් වල තැන්පත් කර ඇති බවද හෙළිව තිබෙන බවත් සේනාරත්න මහතා පැවැසීය.

එම මුදල මෙරට විදේශ සංචිතයටත් වඩා වැඩි වටිනාකමකින් යුතු බවත් මෙම මුදල් නැවත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මෙම කාර්ය සාදක බලකාය පිහි‍ටුවූ බව ඔහු පැවැසීය

bottom of page