The Rights Of Minorities
Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups
රාජපක්ෂවරුන් ඩොලර් බිලියනවලින් බැංකු පිරවූ මිග් ගණුදෙනුව මෙන්න..!
13/May/2015
කුප්‍රකට මිග් යානා ගනුදෙනුවේදී රාජපක්ෂවරුන් අමෙරිකානු ඩොලර් මිලියන 10 ක් බ්‍රිතාන්‍යයේ ඡායා මාත්‍රා සමාගමකට ගෙවා ඇති බවත් බෙලිමිස්ස හෝල්ඩින් ලිමිටඩ් නැමති එවැනි සමාගමක් මහා බ්‍රිතාන්‍යයේ නැති බවත් අන්තර් ජාතික රහස් පොලීසිය (Interpol Headquarters) තහවුරු කරයි.
2006 දී මිග් ගනුදෙනුව මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත් කළ අවස්ථාවේ අභිරහස් තුන්වැනි පාර්ශවයකට එනම් බෙලිමිස්ස හෝල්ඩින් ලිමිටඩ් නැමති සමාගමට රජය ඊනියා ගනුදෙනුව සිදුකර තිබේ.
බෙලිමිස්ස එක්සත් රාජධානියේ කිසිදු ආකාරයකින් නොපැවති ඡායා මාත්‍ර සමාගමක් පමණි. ආරක්ෂක අමත්‍යාංශයට ඉදිරිපත් කර ඇති එහි ලන්ඩන් ලිපිනය ද ව්‍යාජ වූවක් බව අන්තර්ජාතික රහස් පොලීසිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත වාර්තා කර තිබේ.
අර්බුදයට තුඩු දී ඇති මිග් - 27 ගනුදෙනුව 2006 වර්ෂයේදී සන්ඩේ ටයිම්ස් ආරක්ෂක වාර්තාකරු ඉක්බාල් අතාස් මුලින්ම වාර්තා කළේය. එය තවදුරටත් සංස්කරණය කරමින් ද සන්ඩේ ලීඩර් කතෘ, ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග විසින් පළ කරන ලදි.
මුලින්ම 2000 වසරේ මැයි 25 වැනිදා ශ්‍රිලංකා ගුවන් හමුදාව මිග් 27 යානා 4 ක් ඩොලර් මිලියන 1.5 බැඟින් මිලදී ගත්තේය. අනතුරුව එම වසරේම ඔක්තෝම්බර් 24 වැනිදා තවත් මිග් 27 යානා දෙකක් ඩොලර් මිලියන 1.6 බැඟින් මිලදී ගෙන තිබිණ.එසේ වුවද 2002 වසරේදී ශ්‍රීලංකා ගුවන් හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ මිග් 27 යානාම 2006 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 2.462 ක් බැඟින් මිලදී ගෙන ඇති බව පෙනෙන්ට තිබේ.
මංගල සමරවීර සහ ශ්‍රීපති සූරිඅරච්චි යන රාජපක්ෂ රජයෙන් ඉවත් වූ ඇමතිවරුන් දෙදෙනා හිටපු ජනාධිපතිවරයාගේ සොහොයුරුවන ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.බෙලිමිස්ස හෝල්ඩින සමාගම ආරක්ෂක අමාත්‍යංශය විසන් අත්සන් කරන ලද ගිවිසුමේ කොටස්කරුවෙකි. මේ අනුව ආරක්ෂක අමාත්‍යාංශය මෙම වංචාව යටගැසීමට ජනතාවට හිතාමතාම අසත්‍ය ප්‍රචාර නිකුත් කර තිබේ.
මිග් ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපතිගේ මස්සිනාකෙනෙකු වන උදයංග වීරතුංගයි. ඔහු 2006 පෙබරවාරියේදී රුසියාවේ තනාපති නොවූවද යුක්රේනයේ සිටි ශ්‍රී ලාංකික පුරවැසියෙකි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ආරක්ෂක කුටියේ සටන්වලට අනුව වීරතුංග ගුවන් හමුදා නිලධාරීන් හමුවීම සඳහා 25 වරක් පමණ හමුදා මූලස්ථාන වෙත ගොස් තිබේ. දූෂිත ගනුදෙනුව තව දුරටත් හෙළි වීම වැළැක්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සන්ඩේ ලීඩර් පුවත් පතට එරෙහිව නීතිමය පියවර ගෙන තිබිණ.
මෙම පැමිණිල්ලක් සමඟ ආරක්ෂක අමාත්‍යාංශයක් සමඟ මිග් 27 ඇතුලත කතාන්දරය මැයෙන් ප්රකාශනයත් නිකුත් කළේය. එම ප්රකාශනය අසත්‍ය වූවක් බව මේ සම්බන්ධයෙන් කළම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවිය හෙළි කරයි.
පසුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරිණ. අනතුරුව රාජපක්ෂ පවුලේ හිතවතෙකු වන අසංග සෙනෙවිරත්න පුවත්පත මිලදී ගත්තේය. පසුව සන්ඩේ ලීඩර් පුවත්පත ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සමාව අයදමින් ලිපි ගණනක් පළ කළේය.