The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    ගෝඨාභය' අත්අඩංගුවට ගැනීමට ජාතික විධායක සභාව තීන්දු කරයි .

    11/March/2015

     

    ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණවලට අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගෙන පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දු කර තිබේ.

    සිව් දින නිල සංචාරය නිමාවා ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි වහාම මේ පිළිබඳ තීන්දුවක් ගැනීමට ද මෙහිදී යෝජනා වූ බව සෞඛ්‍ය ඇමැති හා කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

    ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික විධායක සභාවේ දී අවධාරණය කර ඇති අතර ඊයේ (11) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති ජාතික විධායක සභාවේ දී මෙම තීන්දුවලට එළඹි බව ද ඇමැතිවරයා පැවසී ය.

    ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියකට රටින් පිටවීමට අවකාශය ලබාදීමත්, ඇවන්ගාඩ් සිද්ධිය වසන් කිරීම සඳහා මුදල් ලබාදීම, ලේකම්වරයාගේ අස්සනින් අවි ආයුධ නිකුත් කිරීම ආදී චෝදනා ඔහුට එරෙහිව ඇති බව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධව රාජ්‍ය නිලධාරීන්ට මුදල් ලබාදී බලපෑම් ඇති කර ඇති බවට ද තහවුරු වී ඇති බවද ආදී කරුණු රැසක් අනුර කුමාර දිසානායක මහතා මතු කර ඇත.

     

     

     

    Share