The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    තාජුඩීන් ඝාතනයේ සැකකරුවන් 4ක් හඳුනාගනී

    31/Aug/2015

     

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකෙරෙන පුද්ගලයන් සිවුදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    මේ අතර තිදෙනකු ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් වන අතර එක් අයකු මේ වනවිට ලන්ඩනයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයකු බවට අනාවරණය කරගෙන ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංවිමාර්ග ඔස්සේ වාර්ථා වේ. මේ අතර එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ තාජුඩින්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් ඉතාලියට පැන ගොස් ඇති බවට පැතිරෙමින් පවතින පුවත අසත්‍යයක් බවයි.

    මේ සිද්ධියට සැකකෙරෙන ජනාධිපති ආරක්ෂක අංශයේ සාමාජිකයන් තිදෙනා මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවත් එම තිදෙනා ඉදිරි සති දෙක තුළ අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් වාර්ථා වේ.

    මේ වනවිට බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින පුද්ගලයාට ශ්‍රී ලංකාවෙන් පැනයාම සඳහා හිටපු තානාපති නිලධාරියෙකු සහාය ලබාදී ඇති අතර එම තානාපති නිලධාරියා විසින් සිදුකර ඇති තවත් වැරැදි කිහිපයක් සම්බන්ධයෙන් ද මේවනවිට විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී.

    තාජුඩීන්ගේ මෘත ශරීරය හමු වූ ස්ථානයේ කිසිදු රිය අනතුරක් සිදු නොවූ බවට මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී තහවුරුකරගෙන ඇති අතර එම රථයේ ඉදිරිපස ගිනිබත් වුවද රථය සොයාගන්නා අවස්ථාවේ දී ඉන්ධන ටැංකියේ අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉන්ධනවලින් පිරී පැවැති බව අනාවරණය කරගෙන තිබේ. එමෙන්ම තාජුඩීන්ගේ මෘත ශරීරය රියදුරු අසුනේ තිබී නොමැති අතර එය තිබී ඇත්තේ ඉදිරිපස අනෙක් අසුනේ වන අතර මේ කරුණු සියල්ල සැලකිල්ලට ගැනීමේදී අනතුරක් සිදුවූ බවට සාක්ෂි නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ඩේමියන් පෙරේරා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විකෘති කොට වාර්තාවක් ඉදිරිපත් කළාද යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ගොඩගනු ලැබූ තාජුඩීන්ගේ මෘත ශරීරය වැඩිදුර පරීක්ෂා කිරීමට ලක් කෙරෙන අතර ඔහුගේ ශරීරයේ අස්ථිවලට සිදුවී ඇති හානි අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තමේන්තුව උසාවියට ඉදිරිපත් කළ කරුණුවලට සමානද යන්න සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරේ. මේ මරණයට පෙර ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් ඔවුන්ගේ ආපන ශාලාවේදි රැස්වී සාකච්ඡා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙන අතර තාජුඩීන්ගේ මරණය සම්බන්ධ අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව එළඹෙන 10 දා අධිකරණයට ඉදිරිපත් 

    කිරීමට නියමිතය