The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    තජුඩීන් ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුට බලපෑම්

    10/Sep/2015

     

    වසීම් තාජුඩීන්ගේ ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකුට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාෂය විසින් මේ වනවිට පරීක්ෂණ පවත්වන බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඩිලාන් රත්නායක අද (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්හට දැනුම් දුන්නේය.

    තාජුඩීන් භාවිත කළ බව කියන ජංගම දුරකතනය ද සොයාගැනීමට හැකිවී ඇතැයි අධිකරණයට දැනුම් දුන් නීතීඥවරයා එ් හරහාද තවත් තොරතුරු අනාවරණය කරගතහැකි වෙතැයි විශ්වාස කරන බව ද පැවසීය.

    එම දුරකතනය සම්බන්ධයෙන් විශේලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක පාසලේ කළමනාකාරු හට නියෝග කළේය.

    දැනට අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කරන වෛද්‍යවරයා ගැන කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර මහතා මාධ්‍යයට කළැයි කියන ප්‍රකාශය හෙළා දකින බවත්, රජයේ වගකිවයුතු තනතුරක් දැරූ පුද්ගලයකු වශයෙන් එවැනි ප්‍රකාශයක් නොකර සිටීමට තිබූ බවත් අගතියට පත් පාර්ශ්වය හා නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වීය.

    ඔහුගේ ප්‍රකාශවලින් පරීක්ෂණයට බාධා සිදු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ද පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාෂය හරහා දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

    මෙම නඩුවට අදාල නඩු පොත සේප්පුවේ තබන ලෙස රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේපකළ අතර ඔහු ප්‍රකාශ කලේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සියළු දෙනාටම පොදු හෙයින් එවැනි නියෝගයක් ලබාදීමට නොහැකි බවයි.

    මෙම සිද්ධිය සංවේදී සිද්ධියක් හේතුවෙන් ඒ පිළිබඳ වාර්තා කිරීමේ දී ආචාර ධර්මවලට අනුව එය වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළේය.