top of page

 

27/Mar/2015

හිටපු ජනපතිවරයෙක් වෙනුවෙන් නිලරථ දෙකක්, ආරක්ෂක රථ එකක්, රියදුරන් තුනක්, ඉන්ධන හා නිල නිවාසයක් නීත්‍යානුකූලව හිමිවෙන බව කැබනට් ප්‍රකාශක අමත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

එසේ වුවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අධිආරක්ෂිත මෝටර් රථ දෙකක්, එක් ඩමී මෝටර් රථයක්, එක් ඩිෆෙන්ඩර් රථයක්, ටොයෝටා ලෑන්ඩ් කෘෂර් රථයක්, හා කැබ්රථයක් අත්සන් කර ලබාගෙන තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම ඔහුගේ ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් 108ක්, පොලිස් නිලධාරීන් 105ක් ඇතුළුව 213 දෙනෙකු යොදවා තිබෙන බවද අමාත්‍යවරයා අණාවරණය කළේය. මෙම නිලධාරීන් සඳහාද ඩබල් කැබ් රථ තුනක්, වෑන් රථ දෙකක්, යතුරු පැදි අටක්, බස්රථයක් හා ලෑන්ඩ් කෘෂර් කැබ්රථයක් ලබාදී තිබෙන බවද අමාත්‍යවයා පැවැසුවේය.

මහජන මුදල් කොල්ල කෑ දූෂිතයෙකුට මෙතරම් ආරක්ෂාවක් ලැබිය යුතුද..?
ඔබේ අදහස කුමක්ද..?

bottom of page