The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    පැරදුණු මහින්ද යළි වේදිකාවක් තුල Live දකින්න ඔබටත් අවස්ථාවක්

    09/Mar/2015

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට තෙවන වතාවටත් බලය ලබාදෙන්නැයි ඉල්ලා අතිබහුතර ජනතා ඡන්දයෙන් පරාජයට පත්ව ගෙදර ගිය ප්‍රථම ශ්‍රී ලාංකික ජනාධිපතිවරයා ලෙස ඉතිහාස ගතවූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හිමිකරදීමට විමල් වීරවංශ ප්‍රමුඛ පිරිස මේ වන විට ලහි නොහොත් මහින්ද රාජපක්ෂ මහතා යළි වේදිකාවක් තුළ සිට බලයට ඉල්ලා කෑ ගසන අයුරු දැකගැනීමේ පළමු අවස්ථාව

    ලහියේ සූදානම් වෙමින් සිටින බවට වාර්තාවේ. එම අනගිභවනීය අවස්ථාව ඒ මහතා හිමිකර දෙනු ලබන්නේ අද(06) සවස මහනුවර දී පැවැත්වෙන ජනරැලියකදීය.

    පවතින දේශපාලන වාතාවරණය තුළ දේශපාලනික අනාථයින් බවට පත්ව සිටින සහ ඉදිරියේදී අනිවාර්යයෙන් දේශපාලන අනාථයින් ලෙස තම ගමන කෙළවර කරගන්නා විමල්, ගම්මන්පිළ, දිනේෂ්, වාසු ඇතුළු පිරිස තමන්ට අවශ්‍ය ආවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට සැරසෙන මහින්ද රාජපක්ෂට මුවා වී ලබාගැනීමට සැලසුම් කොට තිබේ.

    තම බලලෝභී සිහිනය වෙනුවෙන් ඉදිරියේදී මහින්ද රාජපක්ෂ තමන්ට සෙවණත්, බලයත් ගෙන දුන් මෙරට ඓතිහාසික දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියතව වශයෙන් දෙකඩ කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා අවශ්‍ය සහය ශ්‍රීලනිපය තුල සිටින කඳ, බඩ ඇති එහෙත් මොලයක් නැති පිරිසක් වෙනත් කූට ස්ථාවරයක සිට ලබාදෙනු ඇත.

    කෙසේ වෙතත් මෙය ඉදිරි අනාගතයේදී රාජපක්ෂ පිළිලය මෙරට දේශපාලනයෙන් මුළුමනින්ම ඉවත්කර දැමීමට කදිම අවස්ථාවක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

     

     

     

     

     

     

     

    Share