The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    එල්.ටී.ටී.ඊ අවි ගෝඨා ඇවන්ගාඩ් හරහා ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ට විකුණූ බවට පැමිණිල්ලක් 

    19/Nov/2015

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ සඟයෙකු වූ නිශ්ශංක සේනාධිපති එක්ව ඇවන්ගාඩ් නමින් සමාගමක් පිහිටුවා එමඟින් විදෙස් රටවල අන්තවාදී ත්‍රස්තවාදීන්ට අවි ආයුධ සැපවූයේද යන්න පිළිබඳව ඇවන්ගාඩ් අවි ජාවාරම් සමාගම පිළිබඳව විමර්ශන පවත්වන කමිටුවලව විශේෂ අවධානය යොමු වී ඇත.

    එවක රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභයගේ පූර්ණ රැකවරණයේ තබාගෙන සිටි එල්ටීටීඊ සංවිධානයේ ජාත්‍යන්තර අවි සැපයුම්කරුවා මෙන්ම ජාවාරම්කරුවා වූ කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී. සමඟ එක්ව ගෝඨාභයගේ මෙහෙය වීමෙන් කේපී සතුව තිබූ අවි නැව්වල අවි ආයුධත් එල්ටීටීඊ සංවිධානය සතුව තිබී සොයාගන්නා ලද අවි ආයුධත් මෙම ඇවන්ගාඩ් අවි ජාවාරම හරහා විදෙස් ත්‍රස්ත කණ්ඩායම්වලට කුලියට දීමත්, විකිණීමත් සිදුකොට ඇති බවට මේ වන අල්ලස් කොමිසමට පැමිණිලි ලැබී තිබේ.

    එපමණක් නොව එවකට ආරක්ෂක අමාත්‍යාංශය හරහා එහි අවසරය අනුදැනුම මත එම ව්‍යාපාරය සිදු වී ඇති බවටත් ලැබී ඇති පැමිණිල්ලේ ඇතුළත් වී ඇත.ඒ අනුව මෙසේ කරගෙන යන පුළුල් පරීක්ෂණයේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ සිටි සහ දැනට සිටින නිලධාරීන් ගණනාවකින්ද ප්‍රශ්න කිරීමට අල්ලස් කොමිසම කටයුතු කරගෙන යයි.

    මෙම අවි ජාවාරම සහ ඒ හරහා සිදු වී ඇති දූෂණ සම්බන්ධව ප්‍රශ්න කිරීම්වල දී තොරතුරු රැසක් හෙළි කර ගැනීමට ද අල්ලස් කොමිසමට හැකි වී ඇත.

    ඇවන්ගාඩ් හරහා ආයුධ ජාවාරමක් සහ විශාල මූල්‍ය දූෂණයක් සිදු වී ඇතැයි අනාවරණය වුවහොත් අල්ලස් පනත යටතේ කොමිසමට ලැබී ඇති බලතල මත වැරදිකළ පුද්ගලයන්ට නීතිය මගින් කටයුතු කිරීම සිදුවෙයි. තවද දැනට කරගෙන යන ප්‍රශ්න කිරීම් අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ඉහළ නිලධාරියකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.