The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ෆේස්බුක් මෙහෙයුම අරඹයි !

     

    08/June/2015

     

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දිවංගත සොයුරිය ජයන්ති රාජපක්ෂගේ පුත්‍රයා වන හිමාල් හෙට්ටිආරච්චි, මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය ජාල (Social Media Network) මෙහෙයුම අරඹා ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ආරංචිමාර්ග සඳහන් කර සිටී. 

    මෙම හිමාල් හෙට්ටිආරච්චි යනු මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හෙබවූ අවධියේදී ඔහුගේ තොරතුරු තාක්ෂණ උපදේශකවරයා (IT Consultant) වශයෙන් කටයුතු කළ තැනැත්තාය. රුපියල් 20 ක ප්‍රාග්ධනයක් යොදවමින් 'Skynet' නැමැති සමාගමක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවූ අලුත ඇරඹූ හිමාල් හෙට්ටිආරච්චි, එම සමාගමට තම බලතල පාවිච්චි කරමින් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් තරංග ආයාත (Frequencies) විශාල ප්‍රමාණයක් ලබාගෙන එම සමාගම රුපියල් බිලියනයකට එනම් මිලියන දහසකට විකිණූ සටකපට පුද්ගලයෙකි. එම අවධියේදී මෙම වංචනික ක්‍රියාව සන්ඩේ ලීඩර් පුවත්පත මගින් හෙළිදරව් කළ අතර එම ගනුදෙනුවේ සියලු තොරතුරු අන්තර්ජාලය ඔස්සේ කියවිය හැකිය. මේ දක්වා මෙම වංචනික ගනුදෙනුව පිළිබඳව යහපාලන ආණ්ඩුව පවා මුණිවත රකිමින් සිටී. හිමාල් හෙට්ටිආරච්චි කිසිදු බාධාවකින් තොරව ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ තම ව්‍යාපාර පෙර පරිදි සිදුකරගෙන යනු ලබයි. 

    ළඟ එන මහ මැතිවරණයට මුහුණදීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් සමාජ මාධ්‍ය ජාල මෙහෙයවීමේ කටයුත්ත භාරදී ඇත්තේ හිමාල් හෙට්ටිආරච්චිටය. තම මාමාගේ ඇණවුම පරිදි ක්‍රියාත්මක වී ඇති හිමාල් ලැප්ටොප් පරිගනක යන්ත්‍ර 50 ක් මිලදීගෙන තම තොරතුරු තාක්ෂණ ශිලපීන් අතර බෙදාදී ඇත. මොවුන්ගෙන් තිස්දෙනෙකු මහින්දගේ ප්‍රතිරූපය නැංවීම සඳහා ප්‍රහාරාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඉතිරි විසිදෙනා මහින්ද වෙත මහජන අනුකම්පාව ලැබෙන ආකාරයට පුවත් මවමින් තම කාර්යයේ නිරත වී සිටින බව වාර්තා වේ. මෙම වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වේ. මෙම සමාජ ජාල මෙහෙයුමට අයත් ඊළඟ කර්තව්‍යය වන්නේ අනෙක් වෙබ් අඩවිවල පළකරන පුවත් සඳහා කමෙන්ට්ස් දැමීමයි. විවිධ ව්‍යාජ නම් ඔස්සේ ෆේස්බුක් ගිණුම් ආරම්භ කරමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ. මේ පිළිබඳව විවිධ පුද්ගලයන් ෆේස්බුක් වෙත පැමිණිලි කිරීම නිසා මෙම ව්‍යාජ ගිණුම් වසා දැමීමට ෆේස්බුක් සමාගම විසින් පියවර ගෙන ඇත. මෑතකදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල තම ෆේස්බුක් ගිණුමේ ලයික් ප්‍රමාණය අඩුවීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙසට හුවා දැක්වූයේ මෙම ෆේස්බුක් ගිණුම් වසා දැමීමයි. 

    හිමාල් හෙට්ටිආරච්චිගේ මෙම සමාජ මාධ්‍ය ජාල මෙහෙයුමට අමතරව තවත් පිරිසක් මේ වනවිට නාරාහේන්පිට අභයාරාමයේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි රාශියක් අරඹා ඇති අතර ඊට අදාල මුල්‍ය ප්‍රතිපාදන මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේ ලබාදුන් බව වාර්තා වේ.