The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    ගින්න හටගනිද්දී තාජුදීන් පණපිටින් ඉඳලා

    11/Sep/2015

     

    රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන්ගේ මරණයට ආසන්න හේතුව සිහි නැති වීම, අවයව ක්‍රියාකාරීත්වය අඩපන වීම හා ගින්නෙන් හටගත් කාබන් මොනොක්සයිඩ් වායුව ආග්‍රහණය කිරීම යැයි කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ආනන්ද සමරසේකර ඔහුගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් කියයි.
    උසාවියට ඉදිරිපත් කළ එම වාර්තාව අනුව ගින්න හටගනිද්දී ඔහු පණපිටින් සිටි බවත්, එහෙත් සිහි නැතිව මුළුමනින්ම අකර්මන්‍යව අවසන් හුස්ම හෙළමින් සිටි බව එම වාර්තාවේ සඳහන් වේ.
    තාජුඩීන්ගේ ලේවල එතනෝල් අධික ප්‍රමාණයක් තිබූ බවත්, සිද්ධියට දෙපැයකට පෙර ඔහු මත්පැන් බොන්නට ඇති බවත් එම වාර්තාව පවසයි.
    අධික ලෙස පත්පැන් බිව් පුද්ගලයකු අර්ධ වශයෙන් අක්‍රය වුවත් වාහනයක් පදවාගෙන ගිය හැකි බව ද ඔහු කියයි.
    තාජුදීන්ගේ හිසෙහි වූ තුවාල කාරය ඇතුළුත දී හෝ පිටත දී සිදු වන්නට ඇතැයි ද, මොට වූ අවියකින් පහර දීමෙන් එසේ විය හැකි යැයි ද ඔහු කියයි.
    ඔහු කාරයේ සිටිය දී වෙනත් අයකු එළියට අදින්නට ඇද දමන්නට ඇතැයි ද, නොඑසේ නම් වාහනයෙන් බිමට වැටෙන්නට ඇතැයි ද, පහර දීමකින් ඔහුගේ අවයව පුපුරන්නට ඇතැයි ද, ඔහුගේ පපුවේ තුවාල රවුම් උපකරණයකින් තද කිරීමෙන් සිදුවන්නට ඇතැයි ද, එම තුවාල මාරක තුවාල නොවේයැයි ද, මරණයට හේතුව කාබන් ඩයොක්සයිඩ් වායුව ආග්‍රාණය වීම යැයි ද සමරසේකරගේ වාර්තාවේ දැක්වේ.
    අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ අද නඩු විභාගය ඇරැඹිණි.
    මේ අතර තාජුඩීන්ගේ ඥාතියකු සොයා නාඳුනන පුද්ගලයකු වැල්ලවත්තේ ඔහුගේ නිවසට පැමිණ ඔහු ගැන විමසා ඇතැයි රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
    මේ අතර තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් දෙවැනි අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වූ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමට ලබන ඔක්තෝබර 22 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය. දිගටම පරීක්ෂණ පවත්වන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කළේය.
    තාජුඩීන්ගේ දුරකතනයේ විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත් කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක පාසලේ කලමනාකරුට නියෝග කළේය.

    ARREST THEM  ARREST THEM  ARREST THEM