The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    බැසිල්ගේ බිරිඳ පුෂ්පාගේ ගැහිලි මෙන්න

    28/May/2015

    කොළඹ අලුතින් ඉදිකෙරුණ වරායේ ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාගත් චීන සමාගමකින් රුපියල් මිලියන 600 (කෝටි 60) මුදලක් පුෂ්පා රාජපක්ෂ නමැති පදනමේ ගිණුමකට බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වූ පුෂ්පා රාජපක්ෂ මහත්මිය යටතේ මෙම පදනම ස්ථාපිත කර තිබේ.

     

    වරායේ ඉදිකිරීම් කටයුතුවල කොටසක් බාරගෙන තිබූ Colombo International Container Terminal නමැති සමාගම එකම චෙක්පතකින් සෘජුවම මෙම මිලියන 600 මුදල එම පුෂ්පා රාජපක්ෂ පදනමේ ගිණුමට බැර කර 

    පුණ්‍ය පදනමක් ලෙස එම පදනම පිහිටුවා ඇතත් එහි මුදල් එය පිහිටුවාගත් අය විසින් පෞද්ගලිකවම පරිහරණය කරන බවට මූල්‍ය අපරාධ කොට්ඨාශය තහවුරු කරගෙන තිබේ.

    එම චීන සමාගමට අදාළ වරාය සංවර්ධන කටයුතුවලට අදාළ කොන්ත්‍රාත්තුව පැවරීම පිටුපස එවකට රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයකු සිටියි.

    එම ඇමතිවරයා එම සමාගමට අදාළ කොන්ත්‍රාත්තුව පැවරීමේදී ඔහුට ‍සමාගමෙන් ලැබුණු කොමිස් මුදල වූ මිලියන 600 සෘජුවම ඔහු විසින් බාර නොගෙන අදාළ ‘පුෂ්පා රාජපක්ෂ පදනමේ’ ගිණුමට බැරකරවා ඇති බවටද තොරතුරු ලැබී තිබේ.

    එම සියලු තොරතුරු තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම වංචාවට සම්බන්ධව පුද්ගලයන් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ඔවුන් වංචාවක් සිදු කර තිබෙන බව ඔප්පු වුවහොත් එය බරපතළ වංචාවක් හෙයින් ඔවුන්ට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට පියවර ගනු ඇත.