top of page

රාජපක්ෂලාගේ බැංකු ගිණුම් රකින්න මහබැංකු අධිපතිගේ බෑණා මැදිහත් වේ..!

03/March/2015

 

වත්මන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන ඇලෝෂියස් නැමැත්තා රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි තැන්පත් කර ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර හෙලිදරව් වීම වැලැක්වීමට තම සම්පූර්ණ සහාය දෙමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ. මෙම ඇලෝෂියස් නැමැත්තා නාමල් රාජපක්ෂගේ හා සජින් වාස් ගුණවර්ධනගේ ව්‍යාපාරික හවුල්කරුවා වේ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඩුබායි හි ‘MASHREQUE BANK' හි පවත්වාගෙන ගියසිය ගිණුමේ ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් තැන්පත් කොට තිබී ඇත. නව රජය බලයට පත්වීමත් සමග ලෝකයේ විවිධ සංවිධාන හා රටවල් ඒකාබද්ධව රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි පිළිබඳව විමර්ශණයට පටන් ගැනීමත් සමග කලබලයට පත්වී ඇති රාජපක්ෂවරුන් මෙම ගිනුම් පිළිබඳව සැගවීම සඳහා විශාල උත්සාහයක් දරමින් සිටී.
පසුගියදා හිටිඅඩියේම නාවික හමුදා විමර්ශණයක් පැවැත්වෙත්දී පවා යෝෂිත රාජපක්ෂ ඩුබායි වෙත හා යුක්‍රේනය වෙත ගියේ මීට අදාළ කාර්යක් සඳහාය. ගිණුම් හිමියා වන නාමල් රාජපක්ෂ ගේ ඇටර්නි බලපත්‍රයක් (Power of Attorney) රැගෙන යෝෂිත ඩුබායි වෙත ගොස් ‘MASHREQUE BANK' නියෝජිතයන් හමුවී තම සහෝදරයාගේ ගිණුමේ ඇති ඩොලර් මිලියන 650 වහාම යුක්‍රේන් බැංකුවක් වෙත මාරු කරන ලෙස ඉල්ලීමක් කොට තිබේ. මෙතරම් විශාල මුදලක් එසේ එකවර වෙනත් බැංකුවක් වෙත මාරු කළ නොහැකි බව හා ගෝලීය මුදල් විශුද්ධිකරණ රෙගුලාසි යටතේ එසේ කළහොත් තම බැංකුවට බලපත්‍ර පවා අහෝසි විය හැකි බව යෝෂිත රාජපක්ෂට මෙම බැංකු නියෝජිතයන් දන්වා ඇත.
මතුවී ඇති තත්වය පිළිබඳව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන ඇලෝෂියස් මහතාගේ උපදෙස් ලබාගෙන ඇති රාජපක්ෂවරුන් ඔහුගේ උපදෙස් පිට ‘MASHREQUE BANK' සමග තොරතුරු අනාවරණය කිරීමෙන් වැලකීමේ (Non disclosure agreement) ගිවිසුමක් අත්සන් කොට ඇත. ඒ අනුව අදාල බැංකුව මෙම ගිනුම පිළිබඳ තොරතුරු තෙවන පාර්ශවයකට හෙලි කර සිටියහොත් බැංකුවට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව රාජපක්ෂ පුත්‍රයින්ට ලැබේ. නමුත් මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශණ පවත්වන ලෝකයේ විවිධ සංවිධානවලට හා රටවලට අදාළ තොරතුරු ලබා දීමට එම බැංකුවට හැක.
තමන් නීති විරෝධීව උපයා ගත් සෑම සතයක්ම රාජසන්තක කොට හෝ තමන්ට නිදහසේ ජීවත් වීමට අවකාශය සලසා දෙන්නැයි රාජපක්ෂවරුන් මේ දිනවල විවිධ පුද්ගලයන් පසුපස යමින් අයදිමින් සිටින බව අපට මෙම තොරතුරු ලබාදුන් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

bottom of page