The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    17/july/2015

     

    ඔහු විසින්ම සඳහන් කරන ආකාරයට රාජපක්ෂ පවුලට සිය පියාගේ අභාවයෙන් අනතුරුව අව්රුද්දේ දානය දීම සඳහා තම නිවසේ වත්තේ පොල්ගස් 10ක් විකුනන්නට සිදු වී ඇත. එසේ නම් ඔහු පවසන ආකාරයටම ඔවුන් එම කාලයේ දී දැඩි ආර්ථික දුෂ්කරතාවකින් යුත් ජීවිතයක් ගතකර ඇත.

    මෙම ආර්ථික දුෂකරතා හේතුවෙන්ම ඔහු 80 දශකයේ මුල් කාලයේදී ඇමෙරිකාව බලායන අතර, ඇමෙරිකාවේ දී ඔහු සුපිරි වෙළඳසලක, ඉන්ධන පිරවුම් හලක ආදී ස්ථාන කිහිපයක සාමාන්‍ය ලිපිකරුවෙකු වශයෙන් රැකියාවල නිරත වී ඇත. මේවා සාමාන්‍ය රැකියා මිස විශාල වශයෙන් මුදල් ඉපයියහැකි රැකියා නොවේ.

    ඒ ආකාරයේ රැකියාවක් සිදුකල බැසිල් රාජපක්ෂගේ බිරිඳගේ නමට බැසිල් රාජපක්ෂගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂගේ නමට 2007 වන විට පැවතියේ එක් නිවසක් පමණක් වන අතර එම නිවසේ විටිනාකම ඩොලර් ලක්ෂ 9ක් පමණි. මේ වන විට ඇයගේ නමට ඇමරිකාවේ පවතින නිවාස ගණන 4කි. මේ එක් නිවසක වාටිනාකමම ඩොලර් මිලියන 4-5ක් පමන වේ.

    ගතවූ වසර 7 පුරාවට බැසිල් රාජපක්ෂ සිදුකලේ දේශපාලනය පමණක් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සියළු දීමනා සහිතව මසකට ලැබෙන මුදල රු. ලක්ෂ 3ක් පමණ වේ. ඒ අනුව ඔහු එම වසර 7 පුරාවටම ඔහුට ලැබුන මුදල එකතු කළද ඔහුට එකතුකරගත හැකිවන්නේ ඇමෙරිකානු ඩොලර් 187,000 ක පමණ මුදලකි.

    පරම්පරාගත ධනයකට හිමිකම් කොකියූ, එමෙන්ම ඇමෙරිකාවේ සුළු රැකියාවක නියුතු වූ බැසිල් රාජපක්ෂ නැවත ලංකාවට පැමින දේශපාලනය කිරීමෙන් අනතුරුව ඇමෙරිකාව තුල ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් වටින දේපල වලට හිමිකම් කියන්නේ කෙසේද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඕනෑම කෙනෙකුගේ සිත් සතන් තුල පහල වේ.