The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    නාමල් එක රැයකට සැපගන්න ලක්ෂ අටක මහජන මුදල් අවභාවිතයේ යොදවලා

    24/Sep/2015

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගල්කිස්ස මහ හෝටලයේදී පවත්වා ඇති සාදයක එක්රැයක් සඳහා රුපියල් හත්ලක්ෂ හැත්තෑදහස් තිස් හතරක මුදලක් වැයකර ඇති බව අනාවරණය වී තිබේ. මෙම සාදය පසුගිය වසරේ මාර්තු මස 9 වැනිදා පවත්වා ඇති අතර එදින නාමල් රාජපක්ෂ මහතාගේ නමට හෝටලයේ සුපිරි කාමර හයක් වෙන්කරවා ගෙන ඇත.

    මෙසේ වෙන්කරවාගෙන ඇත්තේ අංක 320, 311, 308, 309, 314 හා 319 දරන කාමර‍ වේ.

    මෙම කාමර සඳහා 9 වැනිදා රාත්‍රියේ ලෝකයේ මිල වැඩිම මත්පැන් වර්ග ඇනවුම්කර ලබාගෙන ඇත. එම විදේශිය මත්පැන් වර්ග අතර සුදුවයින්, කොඤැක්, ස්කොච්, විස්කි, ජින්, රම්, වොඩ්කා, පරණ අරක්කු මෙන්ම බිරවර්ගද බයිට් වර්ගද ලබාගෙන ඇති බව බිල්පත්වල දැක්වේ. මීට අමතරව විදේශීය සිගරට් වර්ගද ලබාගෙන ඇත.

    මේ සඳහා වූ බිල්පත් නාමල් රාජපක්ෂ ඔහුගේ ලේකම්වරුන් වන සංජය සමරසිංහ සහ එරංග යන අයවලුන්ගේ නම්වලට යොමුකර ඇතත් එම බිල්පත් පියවා ඇත්තේ මහජන මුදල්වලිනි.

    මොහු මෙම අපරාධය සිදුකොට ඇත්තේ මොහුගේ පියා වන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව සිටියදී වන අතර ඔහු මෙවර මහමැතිවණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සඳහා තරඟවදින අපේක්ෂකයෙකුද වේ.