The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Mahinda Allegations & Briberys

    06/Feb/2015

    යෝෂිත රාජපක්ෂට බොල්ගොඩ ග‍‍ඟේ අධි ධාවන බෝට්ටු පදින්න නාවික හමුදාව කෝටි 5 ක් වගුරකට යට කරලා..!

    ශ්‍රී ලංකා නාවික හමුදාව පිළියන්දල බොල්ගොඩ වැව ආශ්‍රිත වගුරු බිමක් කෝටි 05 ට අධික මුදලක් 8 දෙනෙකුට ගෙවා ගෙවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා 38 වගන්තිය යටතේ 2011/09/27 දා අංක 1725/10 ගැසට් නිවේදනය යටතේ පවරා ගත්තේය

     

    මේ වෙනුවන් මුදලින් රුපියල් 50,400,000/=(පන්කෝටි හාරලක්ෂයක්) අයිතිකරුවන් 8 දෙනෙකු අතර බෙදා දීම සඳහා ඉඩම් අමාත්‍යාංශය විසින් 2013/03/07 ප්‍රාදේශීය ලේකම් නමට මුදල්ද එවා ඇත.

    මෙම දේපල පවරාගත්තේ නාවික නිරීක්ෂණ මධ්‍යස්ථානයක්, රුවල් හා පැදි බෝට්ටු සංචිතයක් ඉදි කිරීම වෙනුවෙන් යැයි නාවික හමුදාව කීය.

    මෙකී ඉඩම තනිකරම වගුරු බිමක් වන අතර මෙහි ඉදිකිරීම් සඳහා වැව් රක්ෂිතයේ වැඩ ආරම්භ කළ නමුත් පරිසර අධිකාරියේ විරෝධය මත ඉදි කිරීම් නවතා දමා ටොන් ගණන් යකඩ නාවික හමුදාව විසින් නැවතත් කොළඹට රැගෙන ගියේය.

    වසර 1 ½ ට අධික කාලයක් ජනතාවට ඇතුලු වීමට තහනම් කලාපයක් වු මෙම භූමියේ ජනපතිවරණයෙන් පසු 2015 පෙබරවාරි මස 04 වන දින අප නිරීක්ෂණ චාරිකාවක් කෙළේය.

    රුපියල් කෝටියකට අධික වටිනා පැදි බෝට්ටු එහිදී අපට සොයා ගැනීමට හැකි වු අතර නාවික භටයන් තිදෙනෙක් එහි ආරක්ෂාවට නවතා තිබිණ.

    නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න කෝසළ වර්ණකුලසුරිය මහතා විමසූ විට විහිළු කතා කීවද වැව් රක්ෂිතයක අනවසර ගොඩනැගිල්ලක් ඉදි කිරීමට නාවික හමුදාවට ඇති අයිතිය කුමක් දැයි අපි ප්‍රශ්න කරමු. වගුරු බිමක හා වැව් රක්ෂිතයක ඉදිකිරීම් කිරීමට පෙර පරිසර පනත කියවීමට නාවික හමුදාවට අපි මතක් කරමු. තවද පසුගිය කාලයේ දේශපාලනීකරනය වූ නාවික හමුදාවේ යථාර්ථය වර්ණකුලසුරිය මහතාගේ ලඳ බොළඳ ප්‍රකාශයේ ගැබ් වී තිබිණ.

    විශ්‍රාමික නාවික භටයන්ගේ පාරිතෝෂිතය නොගෙවූ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙකී ව්‍යාපෘතිය සඳහා කෝටි ගණන් ආයෝජනය කළේ යෝෂිත රාජපක්ෂට බොල්ගොඩ ග‍‍ඟේ අධි ධාවන බෝට්ටු පදින්නට යැයි වර්ණකුලසූරිය නොකීවාට ජනතාව දනිති.

    Share