The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    රාජපක්ෂලා උතුරෙන් කොමිස් ගහන්න හැදූ ඩොලර් මිලියන 60 ක් සොයාගනී

    10/Mar/2015

     

    පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ දී ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති අතරමග නතර කිරීමේ පිළිවෙතක් නව රජය අනුගමනය කරන බවට විපක්ෂය විසින් චෝදනා කරනු ලැබූවද එවැනි චෝදනාවල කිසිඳු සත්‍යතාවයක් නොවන බවත්, උතුරු අධිවේගී මාර්ගය ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබා දී ඇති සමාගම විසින් ම එම ඇස්තමේන්තු වියදම් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 60ක් අඩුවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එකඟත්වය පළ කොට ඇතැයි ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (10) ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    “පසුගිය ආණ්ඩු සමයේ දී ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති අතරමග නතර කිරීමේ පිළිවෙතක් නව රජය අනුගමනය කරන බවට විපක්ෂය විසින් චෝදනා කරනු ලැබූවද එවැනි චෝදනාවල කිසිඳු සත්‍යතාවයක් නොවේ. නමුත් සමහර ව්‍යාපෘති සම්බන්ධයෙන් නැවත සොයා බැලිය යුතු තත්ත්වයක් උදා වී තිබේ. සමහර සංවර්ධන ව්‍යාපෘතින් බෝඩ් ලෑල්ලට පමණක් සීමා වූ ඒවායි. එම ව්‍යාපෘතින් පිළිබඳ ව ද සොයා බලා එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉදිරියේ දී කටයුතු කරනවා”.

    යහපාලනය සඳහා ජනවරමක් ලබාගත් වත්මන් ආණ්ඩුව මහජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට ද බැඳී සිටින බවත් ප්‍රකාශ කළේය.

    වර්තමාන ආණ්ඩුව ඇමෙරිකානු ගැතිකමින් කටයුතු කරන බවට විපක්ෂයෙන් චෝදනාවන් සාධාරණයක් ඉටු කිරීමට බලාපොරොත්තු වන අතර ම දින 100 වැඩපිළිවෙළ නැගෙනවා. නමුත් පසුගිය රජය විසින් ඇමෙරිකාවේ ශ්‍රී ලංකාව ක ෙනුවෙන් ගෙවීමට පවා කටයුතු කර තිබෙනවා. මේ හරහා පැහැදිලි වෙනවා ඔවුන් ෙරෙහි පවතින ආකල්ප තුරන් කිරීම සඳහා රුපියල් කෝටි 15ක් සමාගම් පහක් ව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කළ බව. මඩකලපුවේ සහ යාපනයේ ඉදිවන මන්දිර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව චෝදනාවලින් නිදහස්වීම සඳහා අදාළ පර්ශවයන් විවිධ නිවේදන නිකුත් කරමින් බොළඳ උත්සාහයක දැන් නිරත වෙනවා.

    එසේම 800%ක් තරම් අති විශාල ලාභයක් ඖෂධ හරහා මෙතෙක් ලබාගත් ක්‍රමය නව ඖෂධ පනත හරහා ඖෂධ සමාගම් වෙත අහිමිවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රමිතයෙන් යුතු ඖෂධ ඉතා සහන මිලකට ඉදිරියේ දී ලබාගත හැකි බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    Share