The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    රාජපක්ෂලාගේ ජාවාරම් මුදල් සහ පැන්නූ මුදල් හොයන්න ලෝක බැංකුවේ විශේෂඥ කණ්ඩායමක් එයි

    09/Mar/2015

     

    මූල්‍ය වංචා සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ සම්බන්ධයෙන් වන ලෝක බැංකුවේ විශේෂ ඒකකයක් වන Stolen Asset Recovery Initiative (StAR)හී නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව පසුගිය බදාදා පැමිණි බව නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

     

    පසුගිය රජය සමයේ දී විවිධ පුද්ගලයන් සිදුකර තිබෙන මූල්‍ය වංචා සහ වත්කම් උපයා ගැනීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමේ අරමුණින් එම නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ද ඒ මහතා පෙන්වා දෙයි.

    සංචාරයක් සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ගිය විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.සී වැලිඅමුණ මහත්වරු ලෝක බැංකු නියෝජිතයන් හමුවී සාකච්ඡා කර තිබෙන අතර ඒ අවස්ථාවේ දී මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ. එම ආරාධනය අනුව අදාළ නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අතර මීට අමතරව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ලෝකයේ විවිධ රටවලින් ශ්‍රී ලංකාව ඉල්ලීමක් ද කර ඇත. වත්මන් රජය බලයට පැමිණි පසු ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකරමින් වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලා ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ද එහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝක බැංකුවේ නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියයි.

    මේ අතර එවැනි මූල්‍ය වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිස්පතිවරයා යටතේ විශේෂ මූල්‍ය වංචා සෙවීමේ ඒකකයක් ද ස්ථාපිත කර තිබේ. වාර්තා වී ඇති තොරතුරු අනුව 2013 වර්ෂයේදී පමණක් ඩොලර් බිලියන් 5.31 ක්(කෝටි 70,000 ක් පමණ) මුදල් ප්‍රමාණයක් මෙරටින් පිට කර තිබේ.

    Share