මහින්ද වෙනම සංධානයකින් මැතිවරණයට

02/July/2015

 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී.ල.නි.ප.යෙන් හෝ එ.ජ.නි.ස.යෙන් හැර වෙනත් පක්ෂයකින් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා සකස් කරගෙන යතියි දේශපාලන ආරංචි  ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිගේ හා වත්මන් ජනධිපතිගේ පිරිස් එකම ලැයිස්තුවකින් තරග කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා මේවනවිට බිඳ වැටී ඇතැයි රාජපක්ෂ පිළේ ප්‍රභල සාමාජිකයෙකු හරහා අනාවරණය වී ඇත.

එකම ලැයිස්තුවකින් තරඟ කරන්නේ නම් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට නාමයෝජනා නොදීමේ කොන්දේසියක් වත්මන් ජනාධිපතිගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති බවත්, ඊට හිටපු ජනාධිපතිගේ පාර්ශ්වය විරුද්ධ වී ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.

මේ කරුණු කාරනා අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පිල වෙනම ලැයිස්තුවකින් තරඟ කිරීමට සියයට 80කම ඉඩක් ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.