The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    නාමල් නීති ලෝගුව ලාගෙන ගහපු ගැහිලි ගැන විමර්ශනයක්

     

    27/Jan/2015

    මහින්ද රාජපක්ෂගේ වැඩි මහල් පුතු නීතිඥ නාමල් රාජපක්ෂ විසින් සිය නීතිඥ වෘත්තිය යොදා ගනිමින් ඉතා අසාධාරණ ලෙස රජයේ හා රාජ්‍යහා සම්බන්ධිත ආයටහ වලින් මුදල් ගසා ඇති බවට එල්ල වෙ ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට නීතිඥ කණ්ඩායමක් සූදානම් වේ.

     

     

    නමල් රාජපක්ෂ විසින් පිහි‍ටුවාගෙන තිබෙන නීතිඥ සමාගම ( Gowers International -NR Associates) විසින් මෙලෙස මෙම ආයතනවල නිතිමය කටයුතු වලට මැදිහත් වී සාමානය නිති ගාස්තුවලට වඩා විසිතිස් ගුණයක මුදලක් අයතා ලෙස සිය දේශපාලන බලය උපයෝගී කරගෙන සිදු කර තිබේ.

     

     

    එම සිදුවීම් අතර පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන  හා ඉන්දියාවේ ටාජ් ටීවී ආයතනය සමඟ ක්‍රිකට් තරග විකාශය පැවැරීම සඳහා වූ ගිවිසුම සඳහා නීති උපදෙස් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 3.36 ක් (ලක්ෂ 33.6ක්)අය කර තිබිණි.

     

    මෙම ගනුදෙනුවද නීත්‍යානූ කූල තත්වයන්ට පටහැනිව නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදු කළ බවටද චෝදනා එල්ලවී ඇත. එහේදී 2020 දක්වා වූ කාලය සඳහා මෙම විකාශය අයිතිය පවරනු ලැබුවේ අමරිකානු ඩොලර් මිලියන 60 අඩු ලන්සුවකටය.

     

    එමෙන්ම මෙම නීති සමාගමට මෙතරම් ඉහල මිළක් ගෙවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංකොලොත් තත්වයට ඇද වැටී තිබියදීය.

     

    කෙසේ නමුත් නාමල් රාජපක්ෂගේ නීතිඥ සමාගම  මැදි හත් වූ මෙවැනි තවත් ගනුදෙනු ‍රැසක තොරතුරු තමන් වෙත් මේවන විත ලැබී තිබෙන බව  එම නීතිඥ කණ්ඩායමේ සාමාජිකයකු පැවැසීය. 

     

    මේ සම්බන්ධයෙන් පූරණ හෙළිදරව් කිරීමක් ඉදිරියේදී මාධ්‍ය හමුවේ තබන බවද ඔහු පැවැසීය.

    Share