top of page

සංධානයේ ජාතික ලයිස්තුව මහින්දගේ වැඩක්, යවා ඇත්තේ සුසිල්

22/Aug/2015

 

 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් නම් කර ඊට අත්සන් යොදා මැතිවරණ කොමසාරිස් හට යවා ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත විසින් බව මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වී ඇත.

ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස මුද්‍රා තබා සිය අත්සන එම ලේඛනයට යොදා ඇති අතර මෙම ලේඛනය සෑදීමට කටයුතු කර ඇත්තේ මහින්ද රාජපක්ෂ කණ්ඩායම විසින් බවත් දැනගන්නට තිබේ.

ඔහුගේ මෙම ලේඛනය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පිළිගෙන ඇතැයි මැතිවරණ දෙපාර්ථමේන්තුවේ ආරංචිමාර්ග ඔස්සේ දැනගන්නට ඇත.

 

bottom of page