top of page

ගෝඨා තුට්‍ටු දෙකට විකුණන්න ගිය මිල්කෝ ඉඩම බේරාගනී

20/Mar/2015

මිල්කෝ සමාගමට අයත් නාරාහේන්පිට පිහිටි ඉඩම සොෆ්ට්ලොජික් නම් පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට විකිණීමට පසුගිය ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිවරයා දැරූ උත්සාහය වත්මන් ආණ්ඩුව විසින් වලැක්වූ බව සමාජ සුභ සාධන සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසූවේය.

 

ඔහු මේ අදහස් පැවසූවේ දින සියය වැඩසටහන යටතේ සමාජ සුභ සාධන සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙල පිළිබදව හැදින්වීමක් සිදු කිරීමේ මාධ්‍ය හමුවට අද(20) සහභාගිවෙමිනි.

පසුගිය රජය යටතේ මිල්කෝ සමාගමට අයත් පර්චසයක් ලක්ෂ 50ක පමණ වාණිජ වටිනාකමෙන් වැඩි මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන පර්චසයක් ලක්ෂ 15 ක් වැනි අඩුමුදලකට සොෆ්ට්ලොජික් ආයතනයට විකිණීමට තීන්දු කර තිබීම රටකට හානියක් බවත් එවැනි දේකට කිසිසේත් ඉඩක් නොදෙන බවත්ය.

මෙහිදී ‍‍‍‍‍‍‍හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ එම සමාගම අතර සම්බන්ධයක් ඇතිදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්කයකට පිළිතුරු දෙමින් පී හැරිසන් අමාත්‍යවරයා පවසා සිටියේ ‍ 'සම්බන්ධයක් නැතිනම් තුට්ටුදෙකට දෙන්නෑනේ. සම්බන්ධයක් තියෙනබව පැහැදිලියි 'යනුවෙනි.

 

කෙසේ නමුත් සොෆ්ට්ලොජික් සමාගම යනු පසුගිය පාලන සමයේදී හිටිහැටියේ බිලියන් පතියන් වූ සමාගමකි. නව ව්‍යාපාර කිහිපයක් සඳහා රුපියල් බිලියන් ගනනින් ආයෝජය කිරීමද එකල සිදු වූ අතර විපක්ෂ ක්‍රියාකාරීන් ජනාධිපතිවරණ සමයේදී මෙම සමාගම රාජපක්ෂවරුන්ගේ සමාගමක් බවටද චෝදනා කෙරිණි.

මෙම මාධ්‍ය හමුවේදී සමාජ සුභ සාධන සහ පශු සම්පත් සංවර්ධනඅමාත්‍යාංශය යටතේ වකුගඩු රෝගීන් සදහා ලබාදෙන රුපියල් 3000ක මූල්‍යාධාරය පසුගිය ආණ්ඩුවේ ක්‍රියාකලාපය මෙන් හිතවතුන්ට පමණත් ලාභ සැලසීමක් නොවන බවත් සත්‍ය තොරතුරු සොයා බලා ලැබිය යුත්තන් සියලුම දෙනාට එය ලබාදීමට කටයුතු කරන බවත් හැරිසන් මහතා පැවසුවේය.

අමාත්‍යාංශය යටතේ ක්‍රියාවට නැංවෙන ක්ෂණික සහන වැඩපිළිවෙළ පිළිබදවද යුද්ධයෙන් හා වකුකඩු රෝගය නිසා පීඩාවට පත්වූ හා රෝගීවුවන්ට සහන සැළසීම ,මත්ද්‍රව්‍ය තුරන්කිරීමේ වැඩසටහන, අහිතකර වල්නාශක හා කෘෂි රසායන තහනම් කිරීම පිළිබදව සහ සතත්ව හිංසනය වැළැක්වීම යන කාරණා පිළිබදව අමාත්‍යාශයේ වැඩපිළිවෙළ පිළිබදවද මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරිය විසින් පැහැදිලි කිරීමක් සිදු කළාය.

 

bottom of page