top of page

ප්‍රගිත්ගෙන්,ගෝඨා බේරාගන්න හමුදාව සහ ජඩමාධ්‍යකරුවන් වැඩ අරඹයි

26/Aug/2015

 

මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන අතුරුදහන් කළ දැනට රහස් පොලිස් අත් අඩංගුවේ පසුවෙන සැකකාර හමුදා නිලධාරීන්ට ප්‍රශ්න කිරීම් වලදී ඊට පිලිතුරු දෙන හැටි ගැන උපදෙස් දෙමින් වගකිවයුත්තන් බේරා ගැනීමට හමුදාව අමුතුම ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

“සැකකාර නිලධාරීන්ට ආහාර ලබා දීමට හමුදාව මැදිහත් වීමෙනි. සාමාන්‍යයෙන් රැඳවුම් නියෝග යටතේ අත් අඩංගුවේ පසුවන කිසිවෙකුට පිටතින් ආහාර පාන ලබා ගන්නට ඉඩ දෙන්නේ නැත. මන්ද යත් ඔවුනට වස දී මරා දමා ඉතිරි වගකිව යුත්තන් බේරීමට අවස්ථාව ලැබෙන නිසාය. මෙහිදීද හමුදාව සැකකාර නිලධාරීන්ට ආහාර ලබා දීමට සූදානම් වී ඇති අතර පොලිස්පතිවරයාද ඊට එකඟතාවය පළකර තිබේ. කෙසේ නමුත් රහස් පොලිස් නිලධාරීන් ඊට ඉඩ නොදීම නිසා උත්සාහය දැනට වැළැකී ගොස් තිබේ.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම සහ අතුරුදහන් කිරීමට හේතු කාරණා වී ඇත්තේ රාජපක්ෂ පවුල ගැන ලියූ පොතක් බව හෙලි වී තිබේ. එසේනම් ඊට වගකිව යුතු වන්නේ රාජපක්ෂලා බවට ඍජුව ඇඟිල්ල දිගුව තිබියදී රාජපක්ෂලාගේ අවතාර හොල්මන් කරන හමුදාවත් ආරක්ෂක අමාත්‍යාංශයත් සිද්ධිය යටපත් කිරීමට පුදුමාකාර වෙහෙසක් ගනී. පොලිස්පති ඉලංගකෝන් අත දරුවෙකු සේ රඟපාමින් මෙහිදී ඩබල් ගේම් ගහන්නේ නැතිව රහස් පොලිසියට පරීක්ෂණ පැවැත්වීමට ඉඩ නොදී හමුදාවෙන් කෑම ලබා දීමට ඉඩ දෙන්නැයි කීම බරපතල නීච ක්‍රියාවකි.

මේ අතර අත් අඩංගුවේ පසුවන හමුදා නිලධාරීන්ට කට උත්තර දෙන හැටි හමුදාව විසින් පුහුණු කරවා එවා ඇති බව දැනගන්නට ඇත. මීට පෙර අත් අඩංගුවට පත් සාජන්ට් මේජර් රන් බණ්ඩා විසින් පවසා තිබුනේ එවක මේජර් වත්මන් කර්නල් සිරිවර්ධන නමැත්තා ‘ගමනක් ගෙනියන්න තිබෙනවා‘ කියා ප්‍රගීත් එක්නැලිගොඩ රැගෙන ගිය බවත් ඉන්පසු නුදුටු බවත්ය. දැන් සිරිවර්ධන නමැත්තා අත් අඩංගුවේ පසුවන අතර හමුදාව ඔහුට උගන්වා එවා ඇත්තේ ගමනක් ගෙනියන්න තිබෙනවා කියා පිටතට රැගෙන ගිය ප්‍රගීත්ව පොලොන්නරුවේදී නිදහස් කළ බවත් ඉන්පසුව වෙනත් කවුරු හෝ ඔහුව පැහැර ගන්නට ඇතැයි කියා පවසන ලෙසයි..”

(ලංකා ඊ නිව්ස්  පුවතින් උපුටා ගත්තකි)

 

 
මේ අතර එකම පුද්ගලයෙකුට අයත් වෙබ් අඩවි ගණනාවක්ම මෙන්ම පසුගිය කාලයේ රාජපක්ෂ දුෂිත රජය වෙනුවෙන් පෙනී සිටි මාධ්‍ය ආයතන රැසක්ම මෙන්ම වෙබ් අඩවි ගණනාවක්ම, එක්නැලිගොඩ අතුරුදන් කරවීමේ සිද්ධියෙන් ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ඝාතනය කිරීමට ඍජුව ඇඟිල්ල දිගුවන ගෝඨාභය ඉන් මුදවාගෙන ප්‍රගීත් පැහැරගත්තේ කරුණාගේ කණ්ඩායමක් යැයි අසත්‍ය ප්‍රවෘත්ති පළකරමින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කිරීම ඉතාමත් පිළිකුල් සහගත ක්‍රියාවක් වන්නේ ප්‍රගීත් එක්නැලිගොඩත් ඔවුන් මෙන්ම මාධ්‍යවේදීයෙක් වන නිසාත්,ඔවුනට නැති ආත්ම ශක්තිය සත්‍යය,සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමට එක්නැලිගොඩට පිට කොන්දක් තිබූ නිසාත්ය.

bottom of page