The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

     

    08/Apr/2015

    ශ‍‍්‍රී ලන්කන් ගුවන් සේවය ජාවාරමක් වුණේ මෙහෙමයි..!!
    නාමල්ගේ සේවිකාවට වැටුපට අමතරව ලක්ෂ 42ක් ගෙවලා!

    ශ‍්‍රී ලන්කන් ගුවන්සේවයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරා වන නිශාන්ත වික‍්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයාගේ මස්සිනාවීම හැර අදාළ තනතුරට වෙනත් කිසිදු සුදුසුකමක් නොතිබුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

     

    ඔහු අ.පො.ස (සා/පෙ) වත් සමත්ව නොතිබුණු බව වරක් පාර්ලිමේන්තුවේදී අනාවරණය වූ බව අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

    ශ‍්‍රී ලන්කන් ගුවන්සේවයේ දූෂණ හා අක‍්‍රමිකතා සොයාබැලීමට පත්කරන ලද සිව් පුද්ගල කමිටු වාර්තාව පසුගියදා අග‍්‍රාමාත්‍යවරයාට බාරදුන් බවත්,බිලියන ගණනින් සිදුව ඇති අක‍්‍රමිකතාවන්ය රාජපක්ෂ පවුල වගකිව යුතු බවත් ඔහ සඳහන් කළේය.

    චමල් රාජපක්ෂ මහතාගේ බාල පුතු වන ෂමීන්ද්‍ර රාජපක්ෂ මහතාද මෙම ගුවන් සේවාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති බවත්,මේ අනුව තනිකරම ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය පාලනය කර ඇත්තේ රාජපක්ෂ පවුල විසින් බවත් කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.
    වැලිඅමුණ කමිටු වාර්තාව මගින් යෝජනා කර ඇති පරිදි හිටපු ශ‍්‍රී ලන්කන් ගුවන් ප‍්‍රධානියාව ¥ෂණ හා අක‍්‍රමිකතා වෙනුවෙන් අපරාධ පරීකෂණයකට ලක් කළ යුතුව ඇති බවත්,අනතුරුව අධිකරණය හමුවට පමුණුවා අනිවාර්යෙන්ම දඬුවම් ලබාදිය යුතුව ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    කාලයක් සෑහෙන ලාභයක් ලැබූ ශ‍්‍රීලන්කන් ගුවන් සේවය පාඩුපිට පාඩු ලබන තත්ත්වයක් උද්ගතව තිබියදීත් එකී ප‍්‍රශ්න හඳුනා විසඳුම් ලබා නොදී ආයතනයේ මුදල් තව තවත් තක්කඩි ආකාරයට භාවිතා කිරීම අතිශයින්ම පිළිකුල් සහගත බව හෙතෙම සඳහන් කළේය.
    හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂගේ දේශපාලන කටයුතු සඳහා යයි කියමින් ශ‍්‍රී ලංකන් ගුවන්සේවයේ සේවිකාවක ගුවන් සේවයේ වැටුප් මත මුදාහැර ඇති බවත්,ගුවන්යානය තුළ සිදුකරන කටයුතු සඳහා ලබාදෙන දීමනා ඇතුළුව ඇයට රු. ලක්ෂ 42ට වඩා වැඩි මුදලක් නියමිත වැටුපට අමතරව ගෙවා ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

    ඇය ගුවන් සේවා සමාගමේ වැටුප් මත මුදාහැර ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ඉල්ලීම අනුව බවද ඔහු පෙන්වා දුන්නේය.

    ශ‍්‍රී ලන්කන් ගුවන්සේවයේ ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනත් හොඳ හොඳ සෙල්ලම් කර ඇති බවත්,මිහින් ලංකා හා මොබිටෙල් ආයතනවල ප‍්‍රධානියා ලෙස කටයුතු කරමින් ඒවායේ වැටුප් ලබන අතරතුර ලක්ෂ 15ක මුදලක් වැටුප් ලෙස ශ‍්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමෙන්ද ලබාඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

    එසේම ගුවන් ආරක්ෂාව පිළිබඳ කිසිදු පෙර පුරුද්දක් නොමැති,විශ‍්‍රාමික හමුදා මේජර් ජෙනරාල්වරයෙකු රු. හාරලක්ෂ පනස් දහසක වැටුපකට සේවයට බඳවාගෙන ඇති බවටද කමිටු වාර්තාව මගින් අනාවරණය කරගෙන ඇති බවත්, මේ සියලූ‍ කාරණා දෙස බැලීමේදී රාජපක්ෂ පාලනය විසින් ගුවන්සමාගම දැවැන්ත ජාවාරමක් කරගෙන සිටි බවත් අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.