top of page

Panadura Musjid Under Attacked

  • Wix Facebook page
  • Wix Twitter page
  • Wix Google+ page
  • Instagram Social Icon

පානදුර නගරයේ මුස්ලිම් පල්ලියට පහරදී අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසවා. පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයකට අනුව සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

පානදුර නගර මධ්‍යයේ පිහිටා ඇති මුස්ලිම් පල්ලියට පසුගිය(17) දිනයේ පහරදීමක් සිදුව ඇති අතර එම සිදුවීම පිටුපස ජාතික හා ආගමික සංහිඳියාව විනාශ කිරීමේ කූඨ ප්‍රයත්නයක නිරතව සිටින කණ්ඩායමක් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

මෙවැනි සිදුවීම් රජය තරයේ හෙළා දකින අතර ඒවාට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පොලීසියට උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

එම උපදෙස්වලට අනුව මෙවැනි සිද්ධීන් පසුපස සිටින කණ්ඩායම් හඳුනාගැනීමටත්, ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත් පොලීසිය කටයුතු කරන බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

bottom of page