The Rights Of Minorities

Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

මහින්ද තැබු ලක්ෂ 1425ක පොල්ලක් සොයාගනී
17/June/2015
පසුගිය ජනාධිපතිවරණයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු සඳහා ලබා ගත් ලංගම බස් රථ සඳහා ලංගමයට රුපියල් ලක්ෂ 1425 ක් ගෙවා නැති බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
බස් රථ දාහක් ටත් වඩා වැඩි ප්‍රමාණයක් ජන්ද රැස්වීම්වලට ජනතාව ප්‍රවාහනය කිරිම සඳහා ලබා ගෙන ඇතත් ඒ සඳහා මුදල් ගෙවා නොමැති බවත් ඇමතිවරයා කිය.
එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොත මන්දිරයේදි ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදි ඇමැතිවරයා මේ බව කිය.
පසුගිය රජය මීට අමතරව ජාතික රූපවාහිණිය,ස්වාධින රූපවාහිණිය සහ ගුවන් විදුලි සංස්ථාව ට මිලියන ගණන් ගෙවිමට ඇති බවද කි ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් එළිදරව් කරන විට අල්ලස් සහ දුෂණ විමර්ශන කොමිසම ඉදිරියට ගොස් උද්ඝෝෂණ කරන බවද කිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
2009 වන විට යුද්ධය අවසන් වුණා.එම වසරේ සිට ලංගමයේ සේවකයන්ගේ නොගෙවු අර්ථසාධක අරමුදල සහ ප්‍රතිපාදන අරමුදලේ හිඟ මුදල රුපියල් මිලියන 9300ක්.ටයර් සහ අමතර කොටස් මිලදී ගැනිමේදි රුපියල් මිලියන 750 ක අයථා ගණුදෙනු සිදු වි තිබෙනවා.ඒවා සිදු කර ඇත්තේ ටෙන්ඩර් පටිපාටියකින් තොරවයි.
දුම්රිය දෙපාර්තමේන්තුවට රේල් පිලි ඉන්දියා සමාගමකින් මිලදි ගෙන ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරවයි.දකුණු අධිවේගි මාර්ගයේ පස්රථ 58 ක් ධාවනය කිරිම සඳහා නිතියට පටහැනිව ඔවුන‍්ගේ දේශපාලන හිතවතුන්ට බලපත්‍ර ලබා දි ඇති අතර බලපත් නොලැබුණු අය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ නඩුවේ තින්දුව දෙමින් අධිකරණය තිරණය කර තිබුණේ නිසි ක්‍රමවේදයකට පටහැණි ලෙස බලපත් දී ඇති බවයි.ඌව පළාත් සභා ජන්දය සඳහා අල්ලස් දිම සඳහා රුපියල් ලක්ෂ 8900ක් වැය කර තිබෙනවා.මේ ආකාරයට පසුගිය කාලයේ දුෂණ සහ වංචා ඉහවහා ගොස් තිබුණා.පසුගිය කාලයේ සිදු කළ වංචා සහ දුෂණ සම්බන්ධයෙන් ඇමතිවරුන් හතර දෙනෙකු රිමාන්ඩ් භාරයට පත් වුණා.තවත් ලිපිගොණු 40 ක් පරික්ෂණ කටයුතු අවසන් කර නීතිපතිවරයා වෙත භාර දි තිබෙනවා.අපි කඩිමුඩියේ නඩු පවරා පළි ගන්න යන්නේ නැහැ.ක්‍රමවේදයකට අනුව ඒවා සිදු කරනවා යැයිද ඇමතිවරයා කිය.