top of page

රටේ නැවතත් ජාතිවාදී ආගම්වාදී අරගලයක් ඇතිකිරීමේ මෙහෙයුමක් හෙළිවෙයි.

14/Aug/2015

මැදමූලන මුර්ගයන් සහ වහලුන් මහ මැතිවරණයෙන් ආණ්ඩු බලයක් පිහිටුවීමට නොහැකිව පරාජයට පත්වුවහොත් රටපුරා ජාතිවාදී හා ආගම්වාදී කැරැළි කෝලාහල ඇති කරමින් රටේ ප්‍රධාන පෙළේ වාණිජ හා ව්‍යාපාරික ආයතන කොල්ලකෑමේ සූදානමක් පිළිබඳව තොරතුරු ආරක්ෂක බුද්ධි අංශ වෙත ලැබී ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මහින්ද රාජපක්ෂට කිසිදු ආකාරයකින් අගමැති ධූරය හෙබවීමට ඉඩදිය නොහැකි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක සිට මහින්ද රාජපක්ෂට ලිඛිතව කර ඇති දැනුම් දීම අනුව පරාජය ඉවසාගත නොහැකිව රාජපක්ෂ පවුලේ කටු ලෙවකන සුනඛයින්ටත් අන්ත තත්ත්වයකට ඇද වැටී සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩලස් අලහස්පෙරුම, මනූෂ නානායක්කාර නඩය රටපුරා දැඩි ජාතිවාදී මතයක් ව්‍යප්ත කර මෙම ජාතිවාදී මංකොල්ලයකට අදාළ වැඩ සටහන් රැසක් කරළියට ගෙනඒමට සැලසුම් සකස් කරමින් සිටින බවට ආරක්ෂක බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරු වල සඳහන් ය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජය ආරම්භයේදීම රටපුරා ජාතිවාදී ගිනිදැල් ඇවිලවීම මගින් ව්‍යසන කාරී ප්‍රවේශයක් කරා යොමු කිරීමටත්, මහින්ද රාජපක්ෂ පාලනයේ ක්‍රියාත්මක වුණු ආකාරයේ සුදුවෑන් සංස්කෘතියක් ඉදිරියට ගෙන පුද්ගලයන් පැහැරගෙන ගොස් අතුරුදන්වීම් දිගටම සිදුකිරීමටත් එමගින් දෙමළ සහ මුස්ලිම් ජන කොටස් අතරේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ රජය කෙරෙහි අප්‍රසාදයක් මෙන්ම දැඩි වෛරයක් ඇති කිරීම මෙම කුමන්ත්‍රණකාරි වැඩ පිළිවෙලෙහි අරමුණ බව දැනගන්නට ඇත.

මහින්ද රාජපක්ෂ පරාජිතයා නැවත බලයට ගෙන ඒමේ බලහත්කාර අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩ පිළිවෙල සඳහා පළාත් සභා නියෝජිතයන් මෙන්ම ප්‍රාදේශීය සභා නියෝජිතයන් සහභාගි කරවාගෙන දැඩි භීෂණකාරී පසුබිමක් රටතුළ ඇති කිරීමට මෙම පිරිස් රහසිගතව සාකච්ඡා වට කීපයක් පවත්වා ඇති බවත් විමල් වීරවංශට හා උදය ගම්මන්පිලට සමීප ආරංචි මාර්ග පවසයි.

දෙමළ ජාතිකයන්ට හා මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව හැකි පමණින් ජාතිවාදී මතයක් ව්‍යාප්ත කර ඔවුන් කෙරෙහි දැඩි වෛර සහගත ආකල්පයක් බහුතර සිංහල ජනතාව අතරේ ව්‍යාප්ත කරවීමටත්, ඊට කදිම නිදසුනක් වශයෙන් රටේ පාලනය සඳහා වන පාර්ලිමේන්තුවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමේ තීරණාත්මක බලය දෙමළ මුස්ලිම් ජාතිකයන් අතරට පත්ව තිබීම මත සිංහල ජාතියේ ඉරණම තීරණය කිරීමට දෙමළ හා මුස්ලිම් ජාතිකයන්ට ඉඩදී බලා නොසිටිය යුතු බවටත් දක්වමින් ජාතිවාදී අරගලයක් කරා සිංහල ජනතාව මෙහෙයවීමේ වගකීම දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන පිරිස් විසින් භාරගෙන ඒ සඳහා ගම් මට්ටමින් සංවිධාන සකස් කර ඇති බවටද තොරතුරු ලැබී තිබේ.

ගම් මට්ටමෙන් දෙමළ ජාතිකයන් හා මුස්ලිම් ජාතිකයන් පිළිබඳ තොරතුරු සහ ඔවුන් පදිංචි ස්ථාන ගැන තොරතුරු එක්රැස් කිරීමටත් ඒ සඳහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශයා යැයි හඳුන්වාගත් මුසම්මිල් නැමැත්තා මගින් පුළුල් ජාලයක් ගොඩනැගීමටත් දැනටමත් පියවර ගෙන ඇති බව හෙළිවේ.

හදිසි පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් නව රජයක් ස්ථාපිතවී මත් සමගම ජාතිවාදී අරගලයක් ඉදිරියට ගැනීමටත් එතුළින් සිංහල බෞද්ධ බලවේගයක් ගොඩනගා ඊට කඩිනමින් නායකත්වය දෙමින් දේශපාලන කරළියේ කෙසේ හෝ රැඳී සිටීමට පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉඩ සලස්වා දීම මෙම ජාතිවාදී මුග්ධයන්ගේ අරමුණ බවත් පැවසේ.
ජනාධිපතිවරයා ඊයේ රාජපක්ෂට යැවූ ලිපියේ අවසානයේදී ජාතිවාදය ඇවිලවීම නවතා පපුවෙන් නොව බුද්ධියෙන් ක්‍රියාකරන ලෙස අවවාද කර ඇත්තේ එතුමාටද මේ පිලිබඳ තොරතුරු වාර්තා වී ඇති බැවිනි.

bottom of page