රාජපක්ෂ පාලනයේ පිල්ලි තවමක් ක්‍රියාත්මකයි

 

17/Sep/2015

තවමත් රාජ්‍ය ආයතන තුල රාජපක්ෂ පාලනයේ පිල්ලි සිටින බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. එම පිල්ලි විසින් රාජපක්ෂ රජය විසින් කරන ලද අක්‍රමිකතා වලට එරෙහිව පියවර ගැනීම වලක්වමින් පවතින බවත් ඔහු සඳහන් කරයි.

කේ.පී. ට එරෙහිව සහ ඇවන්ගාඩ් සමාගමට එරෙහිව චෝදනා ගොනුකිරීමට නොහැකි වීම දැනට පවතින සමහර චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂන සිදුකිරීමේ ප්‍රමාදය සඳහා හේතුවී ඇත්තේ මෙම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය බව සඳහන් කරන ඔහු මොවුන්ට සමඟ වැඩකිරීම සඳහා නව විධි විධාන සැලසිය යුතුව ඇති බවත් ප්‍රකාශ කළේය.