The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    මහින්දගේ පෝස්ටර් සහ මත්පැන් රාජසන්තකයි

    13/Aug/2015

    නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබිය දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ මත්පැන් බෝතල් තොගයක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව සහිත මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා තොගයක් රාජසන්තක කරන ලෙසට මහව මහේස්ත්‍රාත් දමිත විජේසිංහ මහතා පෙරේදා (11) නියෝග කළේය.

    මෙලෙස රාජසන්තක කෙරුණේ, නවීන පන්නයේ සුඛෝපභෝගී ජීප් රථයකින් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ පොල්පිතිගම පොලිසිය විසින් නිකවැව රජයේ රෝහල ඉදිරිපිට දී පෙරේදා අලුයම 1.30 ට පමණ අත්අඩංගුවට ගෙන තිබූ මත්පැන් බෝතල් 66 ක් සහ මැතිවරණ ප‍්‍රචාරක පත‍්‍රිකා තොගයකි. එම ප්‍රචාරක පත්‍රිකා තොගයට මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ තාරානාත් බස්නායක මහතාගේ රුව සහිත පෝස්ටර් 1330 ක් සහ අත්පත්‍රිකා 510 ක් ඇතුළත්ව ඇති බව පොලිසිය 

    අධිකරණය හමුවේ කීය මත්පැන් ප්‍රවාහනය කිරීම, ප්‍රමාණය ඉක්මවා මත්පැන් ළඟ තබා ගැනීම සහ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම යන චෝදනා නගමින් මත්පැන් සහ පෝස්ටර් තොගය සමඟ අත්අඩංගුවට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් දෙදෙනකු ද පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී නීති විරෝධී ලෙස මත්පැන් ප්‍රවාහනය කිරීමේ වරදට රුපියල් දසදහසක් සහ නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා ප්‍රවාහනය කිරීමේ වරදට රුපියල් සියයක් ද වන පරිදි එක් අයෙකුට රුපියල් දසදහස් එකසියයක දඩ මුදලක් ගෙවීමෙන් අනතුරුව විත්තිකරුවන් මුදාහරින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    මෙලෙස දඩමුදල් නියම කෙරුණේ තාරනාත් බස්නායක මහතාගේ ආධාරකරුවන් බව කියන ගල්ගමුව , ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටය. මත්පැන් සහ පෝස්ටර් ප්‍රවාහනය කිරීමට යොදාගෙන තිබූ සුඛෝපභෝගී ජීප් රථය ද රුපියල් ලක්‍ෂ විස්සක ඇප බැදුම්කරයක් මත මුදා හරින ලෙසටද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.