The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    මහින්ද අමෙරිකාවේ තනිව සැපගන්න එක රැයට කෝටි 2ක් විසිකළ හැටි මෙන්න (සහතික කළ සාක්ෂි සහිතයි

    29/Sep/2015 

     

    මෙරට ඉතිහාසයේ බිහි වූ කුප්‍රකට ඒකාධිපති පාලකයා ලෙස සනිටුහන් වන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ (සත්‍ය නාමය) නොහොත් මහින්ද රාජපක්ෂ (මෙරට සිංහල බෞද්ධ ජනතාව ඉදිරියේ භාවිතා කරන නාමය) නැමැත්තා පසුගිය 2014 වසරේ අගෝස්තුවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ ගතකළ දින දෙක සඳහා ඔහුගේ අතිශය පෞද්ගලික කාමසුඛ විහරණය සඳහා මෙරට ජනතාවගේ මුදල් කෝටි 02 කට අධික මුදල් අමෙරිකානු ඩොලර් වලින් කාබාසිනියා කොට දැමූ ආකාරය මේ වන විට සාක්ෂි සහිතව අනාවරණය වී ඇත(සාක්ෂි සහිත සම්පූර්ණ ලේඛන පහත අමුණා ඇත).

    ඒ එවකට ඔහුගේ සමීපතම සහචරයෙකු සහ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පත්කොට ලඟින්ම තබාගෙන සිටි සජින් වාස් ගුණවර්ධන නැමැති මන්ත්‍රීවරයා ඔහුගේ හාම්පුතා වූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට අමෙරිකාවේදී මෙරටට වඩා හොඳින් සැපගැනීමට අවශ්‍යවන හෙයින් ඒ සඳහා වැය මුදල් වහාම ලබාදෙන ලෙසට ඉල්ලා ජනාධිපති ලේකම්ට යැවූ ලිපියක් සමඟය.

    මෙම විශේෂිත රාජ්‍ය ලිපියේ සඳහන් ආකාරයට මහින්දට අමෙරිකාවේදී ‘වේෂ නිරූපණය’ සඳහා පමණක් එම වේෂ නිරූපණ ශිල්පීන්ට රුපියල් හතලිස් තුන් ලක්ෂයකට අධික මුදලක් වැය කොට ඇත. මේ මුදල් බෙලිඅත්තේ ලොකු මල්ලී නොහොත් මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හේනේ කුරහන් තලා ගෙන ආ මුදල් නොව මෙරට දුප්පත් පොදු මහජනතාවගේ මුදල්ය.

    කලකට ඉහත (අමාත්‍යවරයෙකු වීමට ප්‍රථම )බෙලි අත්තේ ලොකු මල්ලීගේ කුප්‍රකට මැර චරිතයකට පණ පොවමින් හන්දි, බෝක්කු අසල කරක්ගැසූවෙකු ලෙස වාර්තාවන අයෙකු පසුකලෙක ජනාධිපතිවරයෙකුව පැමිණ මෙරට ජනතාවගේ මුදල්, ධන සම්පත් සහ රටේ නිදන් ඇති පුරාවස්තු කොල්ල කන අපතයෙකු වේයැ’යි ජනතාව කිසිලෙසකවත් නොසිතන්නට ඇත.