The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    ඇවන්ගාර්ඩ්ට ගෝඨා සැලකුවේ මිලියන 500ක අල්ලසක් නිසාලු

    13/Nov/2015

    ඇවන් ගාර්ඩ් සමාගම හා රක්නා ලංකා සමාගම අතර ඒකාබද්ද ව්‍යාපාරයක් ඇති කර සමුද්‍ර ආරක්ෂක ව්‍යාපාරයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යාම සඳහා අවස්ථාව ලබා දුන්නේ 2010 ජනාධිපතිවරණයේදී ඇවන් ගාර්ඩ් සමාගමේ සභාපති (විශ්‍රාමික) මේජර් නිශ්ශංක සේනාධිපති විසින් රුපියල් මිලියන 500ක ( කෝටි 50ක) ආධාරයක් ලබා දීම නිසා බව ( විශ්‍රාමික ) මේජර් නිශාන්ත රාජපක්ෂ මහතා පවසයි.

    මුහුදු ආරක්ෂන සේවයෙහි යෙදෙන තම සමාගමට බහුදින ධීවර යාත්‍රා සඳහා ආරක්ෂාව සැපයීමේ අවස්ථාව ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය හා සාකච්ඡාවක් පැවැති අවස්ථාව්කදි රකනා ආරක්ෂක ලංකා සමාගමේ සභාපති පාලිත ප්‍රනාන්දු මහතා පැමිණ එම අවස්ථාව දැන්ම තම සමාගමට දිය නොහැකි බවත් සෙනාධිපති මහතා ජනධිපතිවරණයේදී මිලියන 500ක ආධාරයක් ලබා දුන් නිසා ඔහුට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීමට සිදුව තිබෙන බවත් තවත් වසර තුනකින් තමන්ට අවස්ථාව ලබාදිය හැකි බවත් ඔහු පැවසූ බව රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම මෙහිදී එම ව්‍යාපාරයන් වෙත තමන්ට පිවිසීමේ හැකියාව වඩා අසීරු කිරීම සදහා දැඩි කොන්දේසි පැනවීමද ආරක්ෂක අමත්‍යංශය විසින් සිදු කළ බවද ඔහු පැවැසීය.

    දේශපාලන කටයුතු සඳහා ආධාර දීම නිසා මෙරට අනෙක් ව්‍යාපාරිකයන්ට තිබෙන අවස්ථාව අහිමි කිරීම ඉතා අසාධාරණ ක්‍රියාවක් බවත්. තමුන්ට මිලියන 500 ක් හෝ1000 ක් ලබා දීමට හැකිවූවානම් ඕනෑම ව්‍යාපාරයක් කිරීමේ අවස්ථාව ලබා දෙන්නේද යැයි තමන් පාලිත ප්‍රනාන්දු මහතාගෙන් විමසූ බවත් ඔහු පැවැසීය.

    ඒ කෙසේ නමුත් තමන් මේ සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේදී අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලක් සිදු කල බවද ඔහු පැවැසීය. නිශාන්ත රාජපක්ෂ මහතා NSTN ආරක්ෂක සමාගමේ සභාපතිවරයාද වෙයි.