The Rights Of Minorities

Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

පොලිස් ඝෘතන සිදුවනවා ද සැකයක්
18/Sep/2015
අක්මීමන 8 හැවිරිදි දැරියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ සැකකරුවෙක් ඊයේ මියගොස් ඇති බව පොලීසිය වාර්ථා කරයි.
මෙසේ මියගොස් ඇත්තේ මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් 27 හැවිරිදි තරුණයෙකි. මෙසේ මියගිය දැරියගේ සිරුර සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂන වලදී හෙළිවූයේ මෙම දැරිය ලිංගික අපයෝජනය කිරීමෙන් අනතුරුව ගෙල සිරකොට මරදමා ඇති බවයි.
පොලිස් සුනඛයෙකු ගේ මඟ පෙන්වීම අනුව මෙම සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර, මේ සමබන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් නැති බවත් සඳහන්. පොලීසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා පොලීසියෙන් පලායාමට උත්සාහකිරීමේදී ඇලක වැටී දියේ ගිලී මියගිය බවයි.
මෙසේ පොලිස් අත් අඩංගුවේ සිටිය දී මරණයට පත්වීම් ශ්‍රී-ලංකාව තුල බහුල වශයෙන් අසන්නට ලැබෙන අතර මේවා පොලීසිය විසින් සිදුකරන ඝාතන බවට පොලීසියට චෝදනා එල්ල වේ. නිසි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට ප්‍රථම මේ ආකාරයට මරණයට පත්කිරීම ඉතාම බිහිසුනු කටයුතුතක් බවයි මානව හිමිකම් සංවිධාන සහ නීතීඥයින් පෙන්වා දෙන්නේ.
බොහෝ විට මෙසේ අසුවන පුද්ගලයන් සත්‍ය වශයෙන්ම අපරාධයට සම්බන්ධ නොවන පුද්ගලයන් වනවා සේම මෙසේ සැකකරුවන් මරණයට පත්වීම තුල පරීක්ෂණ ඇනහිටීම හේතුවෙන් සැබෑ අපරාධකරුවන්ට තවදුරටත් නිදැල්ලේ සිටීමට අවශ්‍ය පසුබිම ද නිර්මානය වන බව ඔවුහු පවසති.
පසුගිය දින සේයා සදෙවුමි සම්බන්ධ සිද්ධියේ දී පවා ඔහුගේ පියා මව ඇතුළු පවුලේ අයට දෝදනා එල්ල වී තිබින පසුව ඔවුන්ගේ ඒ සඳහා සම්බන්ධයක් නොමැති බව පැහැදිළි විය. යම් හෙයකින් ඔව්න්ටත් මේ ඉරනම අත්වූවානම් නිකරුනේ මිනිස් ජීවිත දෙකක් විනාශවන්නට තිබිනි.