The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    ගෝඨා සහ සේනා’ අවි ජාවාරමට අවි නැව් 4 ක්

    27/Oct/2015

    හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේම හිතවතෙකු වන ඇවන්ගාඩ් සමාගමේ හිමිකරු වූ නිශ්ශංක සේනාධිපති එක්ව සිදුකළ බවට හෙළි වී ඇති ඇවන්ගාඩ් අවි ආයුධ ජාවාරම සඳහා ඔවුන් සතුව තිබූ නැව් හතරක අතිවිශාල සංග්‍රාමික අවි තොගයක් ඇතුළු ගිනිඅවි තිබූ බව, එම සමාගමේ අවි ගබඩාව භාරව 2012 ජුනි මස සිට කටයුතු කළ මේජර් උදය දිසානායක හෙළිකරයි.

    සමාගම සතුව තිබූ අවි ගබඩා කළ නැව් වන්නේ අන්තර්ජාතික මුහුදේ යොදවා තිබූ MV සින්බෑඩ්, MV අල්පොන්සෝ, MV ඇවන්ගාඩ් නැව්වල සහ ගාල්ල නාවික හමුදා කඳවුර අසල මුහුදේ නැංගූරම්ලා තිබූ MV මහනුවර යන නැව් හතරය. මුලින්ම MV මහනුවර නැව පසුගිය ජනවාරි 18 වැනිදා අත්අඩංගුවට ගත් අතර MV ඇවන්ගාඩ් නැව පසුගිය 06 වැනිදා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. මහනුවර නැවේ ගිනිඅවි 3154ක් තිබූ අතර ඇවන්ගාඩ් නැවේ තිබී ගිනිඅවි 800කට අධික තොගයක් සොයා ගනු ලැබීය.

    මේජර් උදය දිසානායක හෙළිකරන අන්දමට විශාලම අවි තොගය තිබී ඇත්තේ MV සින්බෑඩ් නැවේ බවය. එහෙත් එම අවි තොගය සහ නැව පිළිබඳව තොරතුරු මේ වනවිට වසන් කරමින් ඇති බවද ඔහු හෙළි කරයි.