The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    කෝටි 12 අල්ලස පිටුපස සිටින ප්‍රබලයන් හෙළිවෙයි

    22/Oct/2015

    මෙතෙක් ශ්‍රී ලංකාවේදී වාර්තා වූ ඉහළම අල්ලස් ගැනීම වන කෝටි 12 අල්ලස් සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රබල චරිත කීපයක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පැවැසුවාය.මෙතෙක් තමන්ට තොරතුරු ගලා ආවේ හාල්මැස්සන් පිළිබඳව පමණක් වුවද මෙවර රේගුවේ රේගු අධිකාරී, නියෝජ්‍ය රේගු අධිකාරී සහ සහකාර රේගු අධිකාරී වැනි ප්‍රධාන නිලතල දරන පුද්ගලයින් රුපියල් මිලියන 125ක මුදලක්ද සමගින් නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වූ බව ඇය සඳහන් කළාය.

    අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පවසන්නේ මේ සම්බන්ධව පැහැදිලිව උසාවියට ඉදිරිපත් කළ හැකි සාක්ෂි රැසක් ඔවුන් සතුව තිබෙන බවය. ඒ සාක්ෂි අතර අපේ නවීන තාක්ෂණික උපකරණ ආධාර කර ගනිමින් එක් රැස්කළ තොරතුරු පවා ඇති බවද ඇය සඳහන් කළාය.

    “අපි මේ පටන් ගත්තා විතරයි. හෙට අනිද්දා වෙද්දී අපේ දැලට හසුවුණු අනෙක් ප්‍රබල චරිත පිළිබඳවත් මාධ්‍ය මගින් දැනගන්න හැකි වේවි.ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    ශ්‍රී ලංකා රේගු අධිකාරියේ උසස් නිලධාරීන් කීප දෙනෙකු මෙම අල්ලස් මුදල ගෙන ඇත්තේ ලංගමයට බස් රථ සඳහා අමතර කොටස් ගෙන්වන ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකුගෙනි. මේ අතර අත්අඩංගුවට පත් සැකකාර රේගු නිලධාරීන් තිදෙනා මේ මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා නියෝග කළේය.