The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    මහින්දගේ ගෝල බාලයන් සිදු කල මහා පරිමාන දුෂණයන් මෙන්න

     

    24/June/2015

     

    මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔහු විසින් පත් කරන ලද කුප්‍රකට නිලධාරීන්ට එරහිව   අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත ගොනු කළ පැමිණිලි මෙසේ ඔබට අප ගෙන එන්නෙමු. මාධ්‍යද සියලුම ආකාරයෙන් මෙවැනි කාරණා වසන් කරන සිටිද්දී ජනතාවගේ සුභ සිද්දිය ජනතාවගේ දැනුම උදෙසා අප මෙම තොරතුරු පළ කරන බව දන්වා සිටිමු. මේ දුෂණ විරෝධී පෙරමුණ විසින් අල්ලස් හෝ දුෂන කොමිසම වෙත කරන ලද පැමිණිලි වේ.  මේ අපගේ අභ්‍යන්තර තොරතුරුකරුවකුගේ මාර්ගයෙන් ලබාගත් තොරතුරු වේ.

    (1). උඩරට සංවර්ධන අධිකාරිය මූල්‍ය දූෂණ සහ රාජ්‍ය දේපල අවභාවිතය
    දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින පූර්ණ රාජ්‍ය ආයතනයක් වන උඩරට සංවර්ධන අධිකාරියේ සභාපති අමරානන්ද පීරිස් මහතා විසින් සිදුකර ඇති බරපතල ආකාරයේ මූල්‍ය දූෂණ සහ රාජ්‍ය දේපල අවභාවිතයල මුදල් රෙගුලාසි සහ ආයතන සංග්‍රහයට පටහැනි ආකාරයට මූල්‍ය දූෂණය සිදු කිරීම හේතුවෙන් බරපතල ආකාරයට රාජ්‍ය මුදල් අවභාවිතයන් සිදුවී ඇති බවට චෝදනා එල්ලවී තිබේග 2015 ජනවාරි 16 වන දින ලංකා බැංකුවේ ගිණුම් අංක 0007041562 වෙතින් රුපියල් කොටි 146 ක් ලබාගෙන ඇති අතර එය අවභාවිත කර ඇති බව ඉන් ප්‍රධානයග ප්‍රමුඛ බැංකුවෙහි අනිවාර්ය ආයෝජනයක් ලෙස රුපියල් කෝටි 50 ක් පවත්වාගෙන ගොස් ඇති අතර එයද අමරානන්ද පීරිස් මහතා විසින් අවභාවිත කළ බවට චෝදනා එල්ලවී තිබේග

    මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතල දූෂණ විරෝධි පෙරමුණ 2014 අප්‍රේල් 23 දින විසින් පැමිණිල්ලක් ගොනු කර ඇත.

    (2). මධ්‍යම සංස්කෘතික අරමුදල මූල්‍ය අක්‍රමිකතා
    මධ්‍යම සංස්කෘතික අරමුදල් අධ්‍යක්ෂ ජනරාල් සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා පසුගිය රජය අවධියේ, එක්ව සහ වෙන්වෙන්ව සිදු කරන ලද මූල්‍ය අක්‍රමිකතා ගණනාවකිග ටෙන්ඩර් පරිපාටිය උල්ලංගනය කරමින් සහ බලය අයුතු ලෙස භාවිතා කරමින් කටයුතු කර රුග18ල125ල000ග00 ක රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට හා එය සිතා මතා කළ බවට චෝදනා කර තිබේග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ගාමිණී අධිකාරි මහතා මුදල් රෙගුලාසි උල්ලංගනය කරමින් වැඩ බැලීමේ දීමනා ලෙස රු. 2,807,498.00 ක් සහ වෙනත් දීමනා ලෙස රු. 824,003.00 ක මුදල්ල වාරිකව ලබාගෙන ඇත්තේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ස්ථීර තනතුරක් දරමිනි. ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස ඩබ්.ඒ. රණවීර මහතා චක්‍රලේඛවලට පටහැනි ලෙස කටයුතු කරල දීමනා ලබා ගැනීම සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර දීමනා ලබා ගැනීම සහ නිල වාහන දෙකක් ලබා ගෙන භාවිතා කළ බවට චෝදනා නැගී ඇත. අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සීගිරිය භූමියේ ඇති ආපන ශාලාව රුපියල් මිලියන 4.5ක් වැය කර අළුත්වැඩියා කර තම හිතවතෙකුට ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබා දී ඇත්තේ ඔහුගෙන් කිසිඳු කුලියක් ලබා නොගනිමිනි.

    මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත, දූෂණ විරෝධි පෙරමුණ 2014 අප්‍රේල් 23 දින විසින් පැමිණිල්ලක් ගොනු කර ඇත.

    (3). ලංකා පිඟන් සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ මූල්‍ය අක්‍රමිකතා
    ලංකා පිඟන් සංස්ථාවේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ ජී.සරත් වික්‍රමරත්න මහතාට එරෙහිව චෝදනා එල්ලවී ඇත. කර්මාන්ත ශාලා 08 ක අබිලි යකඩ තොග නීත්‍යානුකූල නොවන අයුරින් අලෙවි කිරීමල අම්පාර එරගම කම්හලට අයත් කුඹුරු අක්කර 50 ක් නීත්‍යානුකූල නොවන අයුරින් තම හිතවතුන්ට බදු දීම, සංස්ථා මුදලින් රුපියල් මිලියන 30 ක ස්ථාවර තැන්පතුවක් රහස්‍යව පවත්වාගෙන යාම යන චෝදනා ඒ අතරින් ප්‍රධානය.

    මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත, දූෂණ විරෝධි පෙරමුණ 2014 අප්‍රේල් 23 දින විසින් පැමිණිල්ලක් ගොනු කර ඇත.

    (4). වැඩ බලන විගණකාධිපති ඩබ්ගපීගසීගවික්‍රමරත්න මහතාට එරෙහි චෝදනා
    ශ්‍රී ලංකා විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ එම දෙපාර්තමේන්තුවේ ‍නිලධාරින්, සේවකයන් විනයානුකූල පිරිසක් විය යුතුම අතර ඔවුන්ගේ ප්‍රධානියාම හෝ වෙනත් අයකු විසින් මූල්‍ය අක්‍රමිකතා හෝ දූෂණයන් සිදු කරන්නේ නම් ඒ පිළිබඳව ඉතා දැඩිව පරීක්ෂා කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමය. වැඩබලන විගණකාධිපති ඩබ්ගපීගසීගවික්‍රමරත්න ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ රුපියල් කෝටි 24 ක මුදල් වංචාවක් පිළිබඳ පරීක්ෂා නොකිරීම තුළින් වංචාවට අනුබල දීමල ලෝක බැංකු ව්‍යාපෘතියක කළමනාකරු සහ වැඩබලන විගණකාධිපති යන තනතුරු දෙකේම වැටුප් එකවිට ලබා ගැනීම සහ රාජ්‍ය නිලධාරින් සහ රාජ්‍ය සම්පත් යොදාල ව්‍යාපෘති විගණනය කිරීම හා කුරුවිට ඉදිකරන ලද පුහුණු ආයතනයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව ප්‍රධානය කිරීම යන චෝදනා වැඩ බලන විගණකාධිපති ඩබ්.පී.සී.වික්‍රමරත්න මහතාට එරෙහිව නැගී ඇත. ඊට අතිරේකව විගණකාධිපති ගොඩනැගිල්ල මිල කැඳවුම් පටිපාටියට පටහැනි ආකාරයට ඉදි කිරීම පිළිබඳව ද චෝදනා එල්ලවී ඇත.

    මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතල දූෂණ විරෝධි පෙරමුණ 2014 අප්‍රේල් 23 දින විසින් පැමිණිල්ලක් ගොනු කර ඇත.