The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    රාජපක්ෂ පවුල සැඟවූ බිලියන 18 ක් රටවල් 04 කින් සොයාගැනේ 

    06/May/2015

     

    රාජපක්ෂ පවුල් වල සාමාජිකයින් විසින් පිටරටවල සඟවා ඇති වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 18ක් පමණ වන බව ඒ සම්බන්ධයෙන් සොයාබලන බුද්ධි අංශ අනාවරණය කර ඇතැයිද ඔවුන් විසින් සඟවා ඇති බව කියන වත්කම් සොයා ගැනීම සඳහා විදේශ රටවල් 4ක් සහය ලබාදෙන්නේයැයිද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

     

    එම රටවල බුද්ධි සේවා දැනට අනුමාන කර ඇති පරිදි රාජපක්ෂ පවුල සතු වත්කම රුපියල් බිලියන 18ක් පමණ වන බවත්, එතරම් මුදලක් ලංකාවේ ‍අර්ථ සාධක අරමුදලේ ද නැති බවත්, සමරවීර මහතා සඳහන් කරයි. 

    බැංකුවකට ගිහින් සල්ලි ගන්නවා වගේ මෙය එකවර කළ නොහැකි බවත්, මේ සඳහා දීර්ඝ කාලයක් යන බවත්, පැවසූ මංගල සමරවීර මහතා ඒකාධිපති පාලනයක් ගෙන ගිය ඇතැම් නායකයින්ගේ විදේශ රටවල සතු වත්කම් තවදුරටත් එම රටවල් විසින් සොයන බවත් කියා සිටියේය.

    “රත්තරන්ලා, ඩිලාන්ලා කෑ ගැහුවාට මේ රටේ වංචා දූෂණ පිටුපස ඉන්නේ රාජපක්ෂ පවුල” යැයිද එහිදී මංගල සමරවීර මහතා පවසා තිබේ.