දූෂිතයින්ගේ රහස් ෆයිල් එලියට

 

09/June/2015

 

බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් පිළිගත හැකි සාක්ෂි ලැබී ඇති රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හා නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් නඩු පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

එසේ නඩු පැවරීමට යන මැති ඇමතිවරුන් සියලු දෙනාම පාහේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන්නයි බලපෑම් කරන පිරිස් විම විශේෂත්වයක් වනවා.

එම මැති ඇමතිවරුන්ට එරෙහිව පොලිසිය බාර ඇමතිවරයා හෝ අධිකරණ ඇමතිවරයා කටයුතු කර නොමැති බවත්, ඒ සම්බන්ධ පරීක්ෂණ මන්දගාමිව සිදුවන්නේ මහින්ද වාදීන්ට අනුග්‍රහය දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ එජාප උවමනාව අනුව බවත් එම ඇමතිවරයා චෝදනා කළේය.

වංචා දුෂණ චෝදනා ලැබූ හෝ පක්ෂයේ විනය කඩ කල කිසිවකුට හෝ ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් නාමයෝජනා නොදීමට ජනාධිපතිවරයා දැඩි තීරණයක් ගෙන ඇති බවද එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.