top of page

ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත් රාජපක්ෂගේ වෙබ් අඩවියක් මාට්‍ටු

28/Sep

 

ව්‍යාපාරිකයින්ගේ ගනුදෙනු සම්බන්ධයෙන් වෙබ් අඩවිවල වාර්තා පළකර ඒවා ඉවත් කිරීම සඳහා එම ව්‍යාපාරිකයින් ගෙන් 'කප්පම්' ගැනීමේ ජාවාරමක් පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇත.

පසුගිය ආණ්ඩුව සමයේදී ජනප්‍රියත්වයට පත් ව්‍යාපාරික ආයතනයක් විසින් කල පැමිණිල්ලක් මත මෙම විමර්ශනය සිදු කෙරේ.

එක්තරා වෙබ් අඩවියක් තමන්ගේ ව්‍යාපාරයට අපහාසවන අකාරයෙන් වාර්තාවක් පළකර ඇති බවත්, එම වාර්තාව ඉවත් කිරීම සඳහා යයි කියමින් තවත් ව්‍යාපාරිකයකු තමන්ගෙන් විශාල මුදලක් ඉල්ලු බවත් අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කල පැමිණිල්ලේ සඳහන් වෙතැයි පැවසේ.

ප්‍රසිද්ධ වෙබ් අඩවිකට සමාන නමකින් පවත්වාගෙන යන මෙම හොර වෙබ් අඩවිය රාජපක්ෂ පවුලේ පුත්‍රයකු විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත කූප්‍රකට ව්‍යාපාරිකයකු හා තොරතුරු තාක්ෂණ ශිල්පියකු විසින් පවත්වාගෙන යන බවද මේ වන විට හෙළිව තිබේ.

මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට පුද්ගලයන්ගේ නම් පාවිච්චි කරමින් ඔවුන් විසින් කප්පම් ඉල්ලන බවට ව්‍යාපාරිකයන් රවටා මෙම කටයුත්ත සිදු කර ඇති බවත් වාර්තාවේ. මේ වන විට රුපියල් මිලියන 50 කට අධික කප්පම් ප්‍රමාණයක් ඔවුන් මෙලෙස ලබාගෙන ඇති අතර එම සියලු මුදල් විදේශ බැංකු ගිණුමකට බැරකර ඇති බවත් වාර්තාවේ. 

 

bottom of page