The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    Share

    ශිරන්තිට ගොට්ට අල්ලන්න යෑම ගැන පරීක්ෂණයක්?

    03/June/2015

     

    හිටපු ජනාධිපති භාර්යාව වන ශිරන්ති රාජපක්ෂගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට විරෝධය පාමින් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතු කොට ගෙන වෙනත් ආරක්ෂක ස්ථානයක දී ප්‍රකාශයක් සටහන් කර ගැනීම නරක පූර්වාදර්ශයක් පමණක් නොව දූෂිතයන් රැකීමේ ත්‍රස්තවාදයට යටවීමක් බව ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද දැක් වේ.

     

    සිරිලිය සවිය බැංකු ගිනුමේ සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවා තිබේ. එහිදී ශිරන්ති රාජපක්ෂ මහත්මියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට විරෝධය පාමින් කලහකාරී ලෙස හැසිරී ඇත. පිරිසක් හේතුකොට ගෙන වෙනත් ආරක්ෂක ස්ථානයක දී ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර ඇත.

    මෙය පැහැදිලිවම නරක පූර්වාදර්ශයක් පමණක් නොව දූෂිතයින් රැකීමේ ත්‍රස්තවාදයට යටවීමක් බව අප අවධාරණය කර සිටිමු. නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කරන පිරිස් ඉවත් කිරීම පොලිසියේ වගකීමකි. ඒ සඳහා බලය යෙදවීම පොලිසියේ වගකීමකි. මේ ආකාරයට කටයුතු කිරීමෙන් චෝදනාවට ලක්වූවන් හා සැකකරුවන් පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අල්ලස් හා දූෂණ කොමිසමට මූල්‍ය අපරාධ කොට්ඨාසයට හෝ අධිකරණයට ගෙනඒමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇත.

    අද දින ලබාදී ඇති පූර්වාදර්ශයෙන් ඉදිරිකාලයේ දී චෝදනාවට ලක්වූවන්ට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඉදිරියට හා විමර්ශන හා පැමිණිලි සටහන් කරගන්නා රාජ්‍ය ආයතනවලට ගෙනයාමට නොහැකි තත්ත්වයක් ඇතිවනවා ඇත.

    මැති ඇමැතිවරුන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගෙනයාහැකිනම් එහිදී විරෝධතාකරුවන් සිටියදී ඒවා පාලනය කර ප්‍රකාශ සටහන් කරගත හැකිනම් ආරක්ෂක ලේකම්වරයාට අල්ලස් හෝ දූෂණ කොමිසමට ගොස් ප්‍රකාශ ලබාදිය හැකිනම් හිටපු ජනාධිපති බිරියට එසේ කළ නොහැක්කේ කවර හේතුවක් නිසාද යන්න අදාළ අංශවල වගකිවයුත්තන් රටට කිව යුතුයි.

    මේ ආකාරයට කටයුතු සිදුවුවහොත් ඉ දිරි කාලයේ දී දූෂණ විමර්ශන කටයුතු සිදුකිරීමට බැරි එමෙන්ම අධිකරණවල නඩු විභාග කිරීමට බැරි වටපිටාවක් නිර්මාණය වනු ඇත.

    මෙම ක්‍රියා පිළිවෙත කිසිසේත් අනුමත කළ නොහැකි අතර නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කළ යුතු අතර ලැදියාවන් හා බැඳීම්වලට විශේෂ වරප්‍රසාද හා සැළකිලි නොලැබිය යුතු බව ද අවධාරණය කරන අතර තරාතිරම නොබලා නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක විය යුතුය. පොලිස්මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අප විමසා සිටින්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කරගත් වෙනත් ආරක්ෂක ස්ථානය හැකිනම් රටට ප්‍රකාශ කරන ලෙසය.

    මෙම සිදුවීම නීතියේ ආධිපත්‍යයට හා එය ක්‍රියාත්මකවීමට අනර්ථයක් සිදුවී ඇති බවත් එයට පොලිසියද දායක වී ඇති බවත් අපගේ විශ්වාසයයි. පොලිස්පතිතුමනි මේ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමුකර එම නරක පූර්වාදර්ශය ඉදිරියට සිදුනොවීමට කටයුතු කරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.