top of page

රගර් ක්‍රීඩකයාගේ ඝාතනය අවසන් අදියරේ – යෝ රට පැනීමට සැරසේ.

05/Aug/2015

 

2012 මැයි මස 17 වන දින රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් තම මෝටර් රථය තුළදී දැවී පිළිස්සී ජීවිතක්ෂයට පත්වීම ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට වන තොරතුරු හෙළිදරව් වී ඇති බැවින් ඒ සදහා මුල් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලත් තොරතුරු හා සාක්ෂි අධ්‍යයන කිරීමෙන් අනතුරුව මෙම ඝාතනයේ මුල් සැකකරුවා වන රාජපක්ෂ දෙටු ප්ත්‍රයා ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් විදෙස් ගත වීමට සදහා සැලසුම් කරමින් පවතින බව ” අපේ රට වෙබ් අඩවියට” ඉතා විශ්වාසදායි තොරතුරක් වාර්තා වී තිබෙනවා.

ඔහු හා ඔහුගේ සමීපතම මිත්‍රයින් සිව් දෙනෙකු එක්ව ඩුබායි නගරයේ පැවැත්වෙන ක්‍රීඩා උත්සයක් සදහා යන මූවාවෙන් මෙසේ ඔහු විදෙස් රටකට පැන යාම සදහා සැලසුම් සකස් කොට ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණ පරීක්ෂණය ගැන රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව බොහෝ කාලයක් යනතුරු ලබාදී නොතිබුණු නමුත් ඉකුත් පෙබරවාරි මස 12 වන දින (2015-02-12) එකී වාර්තාව ලබා දී ඇතත්, එහි සඳහන්ව ඇත්තේ තත්ත්වයන් අනුව නිගමනයක් ලබාදීමට නොහැකි බව යයි ද හෙළිදරව් වූ කරුණක්.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී දත් කඩා, ඉළ ඇට බිඳ, පාදයේ කලවා පෙදෙසේ අස්ථි බිඳ, උල් ආයුධයකින් බෙල්ලට ඇන, මොට ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇති බවට කරුණු හෙළිවී ඇතැයි රහස් පොලිසිය උසාවියට කරුණු දක්වමින් සඳහන් කළේය.

වැල්ලවත්ත මුරුගන් පාරේ පදිංචිව සිටි තාජුඩීන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී 2012 වසරේ මැයි 16 වැනිදා ඔහු ගමන් කළ මෝටර් රථය ගිනි ගැනීමෙන් මිය ගොස් සිටි බව එකල වාර්තාවිය. 2012 මැයි 17 වැනිදා ඔහුගේ සිරුර කාරය තුළ තිබී සොයාගන්නා විට දැවී අඟුරුවී තිබූ බවයි වාර්තා වී තිබුනේ. ඔහු හා ඔහුගේ සමීපතම මිත්‍රයින් සිව් දෙනෙකු එක්ව ඩුබායි නගරයේ පැවැත්වෙන ක්‍රීඩා උත්සයක් සදහා යන මූවාවෙන් මෙසේ ඔහු විදෙස් රටකට පැන යාම සදහා සැලසුම් සකස් කොට ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණ පරීක්ෂණය ගැන රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව බොහෝ කාලයක් යනතුරු ලබාදී නොතිබුණු නමුත් ඉකුත් පෙබරවාරි මස 12 වන දින (2015-02-12) එකී වාර්තාව ලබා දී ඇතත්, එහි සඳහන්ව ඇත්තේ තත්ත්වයන් අනුව නිගමනයක් ලබාදීමට නොහැකි බව යයි ද හෙළිදරව් වූ කරුණක්.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී දත් කඩා, ඉළ ඇට බිඳ, පාදයේ කලවා පෙදෙසේ අස්ථි බිඳ, උල් ආයුධයකින් බෙල්ලට ඇන, මොට ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇති බවට කරුණු හෙළිවී ඇතැයි රහස් පොලිසිය උසාවියට කරුණු දක්වමින් සඳහන් කළේය.

වැල්ලවත්ත මුරුගන් පාරේ පදිංචිව සිටි තාජුඩීන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී 2012 වසරේ මැයි 16 වැනිදා ඔහු ගමන් කළ මෝටර් රථය ගිනි ගැනීමෙන් මිය ගොස් සිටි බව එකල වාර්තාවිය. 2012 මැයි 17 වැනිදා ඔහුගේ සිරුර කාරය තුළ තිබී සොයාගන්නා විට දැවී අඟුරුවී තිබූ බවයි වාර්තා වී තිබුනේ.

කෙසේ නමුත් පසුගිය කාලයේ මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළත් එහි කිසි වග විභාගයක් නොවීය.එසේම මේ මරණයට අදාළව පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදුන් වාර්තාවේ සඳහන් තොරතුරු වලට අනුව කාබන් මොනොක්සයිඩ් ක්‍රීඩකයාට බහුලව ශරීරගත වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට තොරුතුරු වාර්තා කොට තිබිණි.

තීරණාත්මක මැතිවරණ ව්‍යාපාරයක් පැවැත්වෙන මේ අවස්ථාවේ මෙවැනි ගමන් සදහා තම කැමැත්ත නොවිමසන ලෙස රාජපක්ෂ විසින් අදාළ පුත්‍රයට දැනුම් දී ඇති අතර ඔහු ඒ වෙනුවෙන් තම මවගෙන් අවසරය ඉල්ලා එය ලැබී තිබීමෙන් මෙම විදෙස් ගත වීම යොදාගෙන ඇති බව ද වාර්තා වෙනවා.

 

bottom of page