තජුඩීන්ගේ ජංගම දුරකථනය සොයාගැනේ

08/Sep/2015

 

ඝාතනය කළ බවට සැක කෙරෙන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ජංගම දුරකථනය නුවරඑළිය ආගරපතන ප්‍රදේශයේ තිබී සොයාගත් බව පොලිසිය ප්‍රකාශකරයි.

2012 වසරේදී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී සිය රථය තුළ මිය ගොස් සිටි තාජුඩීන්ගේ ජංගම දුරකථනය සොයා රහස් පොලිසිය පරීක්ෂණ පැවැත්වූ අතර ඔහුගේ රථය අනතුරට පත්වූ ස්ථානයේම තිබී ජංගම දුරකථනය අහුලාගත්තා යයි පවසන අයකු සතුව තිබියදී එය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය ප්‍රකාශ කලේය.

දුරකථනයට අයත් කේත අංකය ඇසුරින් පරීක්ෂණ පැවැත්වූ පොලිසියට ආගරපතන පදිංචි අයකු සතුව එය තිබියදී සොයාගැනීමට හැකිවී ඇත. දුරකථනය පරීක්ෂණ සඳහා රහස් පොලිසිය බාරයට ගෙන ඇත.