top of page

මහින්දගේ ගෝලයන්ගේ වංචා දුෂන මෙන්න

29/June/2015

 

අල්ලස් හෝ දුෂන කොමිසමේ විවිධ දේශපාලන හා රාජ්‍ය නිලධාරීන්ට එරහිව ගොනු වී ඇති පැමිණි අප ඔබට පෙර ලිපියකින් ගෙන ආවෙමු. එම පළමු ලිපියට මෙතනින් පිවිසෙන්න  මේ එම ලිපි මාලවේ දෙවන දිගහැරුමයි.

මෙහිදී ජනතා මුදල් කොල්ලකමින් රාජ්‍ය දේපල අයතා ලෙස යොදාගනිමින් විවිධ දුෂන අක්‍රමිකතා සිදු කල පුද්ගලයින්ට එරහිව දුෂන විරෝධී පෙරමුණ විසින් අල්ලස් හෝ දුෂන පැමිණිලි කොමිසමට පැමිණිලි කර විස්තරයන් හා පැමිණි පහත දැක්වේ.

(6). බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මහත්වරුන්ට එරෙහි චෝදනා
මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසිකුඩා ටුවරිස්ට් බීච් හෝටලය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිලාවැලි ටුවරිස්ට් බීච් හෝටලය ඇතුළු එම හෝටල්වලට අනුබද්ධ සහ වෙනත්ල ඉහත චූදිතයන් සතු සංචාරක හෝටල් ඉදිකිරීමට අදාල රාජ්‍ය ඉඩම් ලබා ගැනීම පිළිබඳ චෝදනා බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මහත්වරුන්ට එරෙහිව නැගී තිබේග එකී ඉදිකිරීම් කටයුතු සඳහා රාජ්‍ය දේපල භාවිතය සහ එම දේපල සංවර්ධනය කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා ආයෝජන පිළිබඳ මුදල් යෙදවීම හා එම යෙදවීම්වලට අදාල ප්‍රාග්ධනය උපයාගත් ආකාරය පිළිබඳ මෙහිදී සොයා බැලේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතල දූෂණ විරෝධි පෙරමුණ 2014 අප්‍රේල් 23 දින විසින් පැමිණිල්ලක් ගොනු කර ඇත.
(7). ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යාංශය
ඉදිකිරීම් සහ පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් පවත්වන ලද මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩමුළු සඳහා මුදල් ගෙවීම් වවුචර පත්‍රිකා සහ අනුමත කිරීම් ලිපි කිහිපයක් ඉදිරිපත් කර තිබේ. Golden Rose Recreation Complex Pvt. Ltd. ආයතනයේ 2014/01/06 දින පැවති එක්දින වැඩමුළුවක් සඳහා රුපියල් 1,602,000.00 ක අත්තිකාරම් මුදලක්, තිලක් මහින්ද නම් සේවකයකු මාර්ගයෙන් ඉන්වොයිස් අංක (invoice no) 1646 යටතේ ලබාගෙන ඇති අතර සාමාන්‍ය දැනුවත් කිරීමේ වැඩමුළුවකට මෙවැනි විශාල මුදල් ගෙවීමක් සිදු කර ඇත. නමුත් එවැනිම වැඩමුළුවක් පවත්වා මෙයට පෙර ගෙවා ඇති මුදල රුපියල් 188,175.00 කි. මෙයට අදාල ලේඛන තුලින් රාජ්‍ය මුදල් අයථා පරිහරණයක් මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව ගම්‍ය වේ. ඉහත කී මුදල් ගෙවීම අමාත්‍යවරයාගේ පූර්ණ මැදිහත්වීම මත සිදු කරන ලද්දක් බවත්, ඔහු විසින් අනුමත කර ඇති බව දක්වා ඇතත් එය චේතනාන්විතව මුදල් කූට ලෙස අපහරණය කිරීමකි.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතල දූෂණ විරෝධි පෙරමුණ විසින් පැමිණිල්ලක් ගොනු කර ඇත.
(8). සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මන්ඩලයේ වංචා හා දූෂණ
සේවා නියුක්තකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලයේ නිලධාරීන් විසින් පරිපාලන, ප්‍රවාහන, සැපයුම්, ආයෝජන මුදල්, ස්වයං රැකියාල ශිෂ්‍යත්ව, රැස්කිරිම් හා සේවා යෝජක සම්බන්ධතා සහ අධිභාර අංශයන් හි කරන ලද දුෂණ අක්‍රමිකතා, ආයෝජක, ආක්‍රමිකතා සහ පරිපාලන අක්‍රමිකතා පිළිබදව එම අයතනයේ ජාතික සේවක සංගම් වෘත්තීය සමිතිය හා එහි සේවකයින් විසින් චෝදනා කරයි. එහිදී නව නිලධාරීන් පත්කිරීමේදී දූෂණයට ලක්වූවන් ද සිටින බව චෝදනා කරයි. පරිපාලන අංශයේ සේවකයින් බඳවා ගැනීම, අතිරික්ත සේවකයනි සිටියදී අලූතින් සේවකයින් බඳවා ගැනීම, ටෙන්ඩර් පටිපාටියෙන් තොරව භාන්ඩ මිලදී ගැනීම, අඩු පොළී අනුපාතයකට මුදල් යෙදවීම, වාහන මිලදී ගැනීම, අනුරාධපුර නිවාඩු නිකේතනය ඉදිකිරීමේදී සිදුවී ඇති අක්‍රමිකතා, ප්‍රමිතියෙන් නිල ඇඳුම් ලබාදීම වැනි පිළිබඳව චෝදනා සම්බන්ධයෙන් වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතල දූෂණ විරෝධි පෙරමුණ විසින් පැමිණිල්ලක් ගොනු කර ඇතග
(9). කොළඹ ජාතික රෝහලේ සහ රජයේ වෙනත් රෝහල් වල උපකරණ ගලවා නැවත රජයට විකිණීම
කොළඹ ජාතික රෝහලේ සහ රජයේ රෝහල් වල උපකරණ ගලවා නැවත රජයට විකිණීම බයෝමෙඩ් ජාත්‍යන්තර පුද්ගලික සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් එක්ව කළ මෙම වංචාවෙන් රජයට මිලියන දහස් ගණනක් අහිමි වි ගොස් ඇත. මේ පිළිබඳව පරික්ෂණ සිදුකර එහිදි වැරදිකරුවන් හෙළිවී තිබියදිත් ඔවුන්ට දඩුවම් කර නොමැති බවද සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතල දූෂණ විරෝධි පෙරමුණ විසින් පැමිණිල්ලක් ගොනු කර ඇත.

 

(10). සි/ස කොටපොල විවිධ සේවා සමූපකාර සමිතියේ සිදුවී ඇති දූෂණ හා වංචා
මාතර දිස්ත්‍රික් සමූපාකාර ග්‍රාමීය බැංකු සංගමය, මාතර දිස්ත්‍රික් තේ නිපදවන්නන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ජාතික සමූපාකාර රක්ෂණ මණ්ඩලය යන ආයතන තුනෙහි සිදුවී ඇති මූල්‍ය දූෂණ වංචා පිළිබ`දව එම සංගමයේ සභාපතිවරයා විසින් විශාල වශයෙන් සිදුවී ඇති වාර්තා කරයි.
1) මුදල් රෙගුලාසි උල්ලංඝණය කිරීම
2) 1972 අංක 05 දරණ සමූපකාර පනත උල්ලංඝණය කිරීම
3) මුදල් අවභාවිතය
4) දේපල මිලදී ගැනීම පිළිබද අක්‍රමිකතා සිදු කිරීම මේ අතරින් ප්‍රධානය.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතල දූෂණ විරෝධි පෙරමුණ විසින් පැමිණිල්ලක් ගොනු කර ඇත.

(11). ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශ
ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශය විසින් ටෙන්ඩර් පටිපාටියකින් තොරව ක්‍රියාත්මක කළ ඵලදායී නොවන ව්‍යාපෘතියක් වෙනුවෙන් යෙදවීමට යූරෝ මිලියන සියයක් ලබාගෙන එම මුදල් අව භාවිතා කර ඇති බවට පැමි‚ලි ඉදිරිපත් වේ. ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශ ලේකම් සහ නෙදර්ලන්ත පෞද්ගලික බැංකුවක් අතර ඇති කර ගත් ගිවිසුමක් කිසිදු ටෙන්ඩර් පරිපාටියකින් තොරව සහ ඵලදායී නොවන ව්‍යාපෘතියක් සදහා යෙදවීම වෙනුවෙන් යූරෝ මිලියන 600 (හයසියයක) බැංකු ණය මුදලක් ලබාගෙන ඇත. මෙම ණය මුදල ලබාගෙන ඇත්තේ අධික පොලිය මතය. ආපදා කළමනාකරණ සන්නිවේදනය හා ප්‍රතිචාර හැකියාවන් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය නමින් වූ ව්‍යාපෘතියක් සදහා නෙදර්ලන්ත පුද්ගලික බැංකුවක් සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ 2007 වසරේ දෙසැම්බර් 10 වැනිය. මෙම මුදල වැය කරමින් ඵලදායී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකළ බවටත් මෙම ණය මුදල රට බරක් වී ඇති බවටත් චෝදනා එල්ලවෙයි.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතල දූෂණ විරෝධි පෙරමුණ විසින් පැමිණිල්ලක් ගොනු කර ඇතග

12-. බන්ධනාගාර කොමසාරිස්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පාතාලයට සම්බන්ධ පුද්ගලයින්ගෙන් අල්ලස් ලබාගෙන ඇති බවටත් මේ හරහා අයුතු ලෙස ධනය උපයා ඇති බවටත් බන්ධනාගාර නිලධාරීන් චෝදනා කරයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විවිධ පුද්ගලයින්ගෙන් අල්ලස් ලබාගෙන ඇති බවට දෙවන පෙළ ජ්ලර් කේ.එච්.ධම්මික, පී.පී.එස්.සී. පනනේගෙදර චෝදනා කරයි. පරිපාලන අක්‍රමිකතා සහ මූල්‍ය දූෂණ පිළිබදව අසාධාරණයට ලක්වී ඇති බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට විරුද්ධව කරුණු දක්වන සේවකයෝ පවසති.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතල දූෂණ විරෝධි පෙරමුණ විසින් පැමිණිල්ලක් ගොනු කර ඇත.
(13). සිවිල් ගුවන් සේවා අධිකාරිය
සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලාභය ඒකාබද්ධ අරමුදලට බැර කර නොමැති බවටත් එහි නිලධාරීන් නොයෙක් දූෂණ වංචාවන්ට සම්බන්ධ බවටත් චෝදනා එල්ලවෙයි. සිවිල් ගුවන් සේවා අධිකාරියේ මුදල් රාජ්‍ය මුදල් ගණයට අයත් වන අතර එම ආයතනයේ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ විට ජනාධිපති විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ද ඉදිරිපත් කර තිබු‚. ඒ අනුව දේශපාලන හිතවත්කම් මත අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයාල සිවිල් ගුවන් සේවා අධිකාරියේ සංවර්ධන සැලසුම් අධිකාරී තනතුරට පත් කර ඇති බව නිරීක්ෂණය කර තිබු‚. මෙම තනතුර අනුමත තනතුරක් නොවන නිසා විගණකාධිපතිවරයාගේ නිර්දේශ මත මෙම මුදල් නැවත අය කරගැනීමට ද නිර්දේශ කර තිබේ. 2003 වර්ෂයේ සිට විසර්ජනයෙන් පසු ලාභය, ඒකාබද්ධ අරමුදලට බැර නොකිරීම සහ එම මුදල් දැනට මෙම ආයතනය සතුව ඇතිද යන්න මෙහිදී චෝනා එල්ල වෙයි.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතල දූෂණ විරෝධි පෙරමුණ විසින් පැමිණිල්ලක් ගොනු කර ඇතග
‍(14). එච්.එච්.ඒ.ඩී.ජ්. ඕපාත නගරාධිපති – (16). බදුල්ල මහ නගර සභාව
බදුල්ල නගරාධිපති එච්.එච්.ඒ.ඩී.ජ්.ඕපාත යන අය විසින් සිදුකර ඇති මුදල් අක්‍රමිකතා සහ අයුතු ධනවත්වීම පිළිබදව චෝදනා එල්ලව ඇත. දඹුල්ල නගරයේ කුලී රථ රියදුෙරකු ලෙස එක් වාහනයකින් පමණක් ආදායම් ලැබූ බදුල්ල නගරාධිපතිවරයා, නගරාධිපතිධූරයේ සිටි වසර තුනහමාරක කාලය තුළදී අයථා ලෙස මුදල් උපයා ඇති බවට චෝදනා එල්ලවෙයි. දඹුල්ල කණ්ඩලම රක්ෂිතයේ ඉඩමක් අනවසරයෙන් පරිහරණයට ගෙන නිලධාරීන් බියගන්වා බොරලූ කපා ගෙන යාම පිළිබඳව ද ඔහුට විරුද්ධව පැමි‚ලි ඉදිරිපත් වේ. මේ සදහා කිසිදු අවසරයක් ගෙන නොමැති අතර පොලීසියට ද පැමිණිලි ඉදිරිපත්ව ඇත.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතල දූෂණ විරෝධි පෙරමුණ විසින් පැමිණිල්ලක් ගොනු කර ඇත.
(15). ලංකා වානේ සංස්ථාව
ලංකා වානේ සංස්ථාව විසින් බදු සහන ලබාගෙන අමුද්‍රව්‍ය සදහා ආනයනය කරනු ලබන යකඩ සාමාන්‍ය වෙළදපොලේ අලෙවි කරන්නේ බදු වංචා කරමින්ය. වානේ සංස්ථා සමාගමට අයත් අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන කම්බි කොයිල් සදහා විශාල වශයෙන් බදු සහන ලැඛෙයි. නිෂ්පාදන කටයුතු සදහා යැයි පවසමින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් එම කමිබි කොයිල් ආනයනය කරයි. එසේ ආනයනය කරන කම්බි අනවසරයෙන් විකිණිම මගින් බදු සහන වංචා කර තිඛෙන බවට චෝදනා එල්ලවේ. මෙම බදු වංචාව නිසා මිලිමීටර 6.5 ප්‍රමාණයේ කම්බි කොයිල් මෙටි්‍රක් ටොන් එකක් අලෙවි කරන විට රුපියල් තිස් දහසක බදු මුදලක් රජයට අහිමිවෙයි.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතල දූෂණ විරෝධි පෙරමුණ විසින් පැමිණිල්ලක් ගොනු කර ඇතග

bottom of page