The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    නිස්සංක සේනාධිපති නයිජීරියාවට පැනයයි

    23/Feb/2015

    පසුගිය කාලයේ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් පාවෙන අවි ගබඩා අයත් අවන්ගාඩ් ආයතනයේ අධිපති නිස්සංක සේනාධීර නයිජීරියාවට පැනගොස් ඇතැයි වාර්ථවේ. ජනවාරි මස 23 වනදා මොහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව අධිකරණ භාරයට ගත් අතර ඔහුට රටින් පිටවීයාම ද තහනම් කරන ලදී.

    මොහු පාවෙන අවිගබඩා පවත්වාගෙනයාම සාධාරණිකරනය කලේ, මුහුදු කොල්ලකරුවන් නිසා වෙළඳ නැව්වලට බාධා සිදුවන බවත්, එමනිසා එම නැව් නාවික ආරක්ෂකයින් යොදාගන්නා බවත්, නමුත් ආයුධ සන්නද්ධ නැවකට වරායකට ඇතුළුවීමට නොදෙන නිසා එම ආරක්ෂකයින් මෙවැනි පාවෙන අවිගබඩා වලින් නැවට නංවාගෙන වරාය ආසන්නයේදී නැවත බැසයන බවත්ය.

    මොහුට විරුද්ධව ජාත්‍යන්තර අවිජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂන පවා පැවැත්වෙමින් තිබින. තවද මීට පෙර මොහුට අයත් ආයුධ ප්‍රවාහනය කරමින් තිබුන නැව් දෙකක් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවටගත් අතර එවකට සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙන් එය සමතයකට පත්කරගන්නා ලදී.

    මොහුට ආරක්ෂාව පතා පලායනවානම් වෙනත් යාහැකි රටව ඕනෑ තරම් තිබෙනමුත් නයිජීරියාව වැනි රටකට පැනයාම හේතුවෙන් මේ සැකය වඩාත් තහවුරුවන්නේ නයිජීරියානු මුහුදු තීර යනු මෙම මුහුදු කොල්ලකරුවන්ගේ පාරාදීසියක් මෙන්ම අප්‍රිකානු මහාද්වීපය ඇති යනු නීතිවිරෝධි ආයුධ ජාවාරමේ ප්‍රධානතම වෙළදපල ලෙස ප්‍රකට නිසාය.

    2009 නැව් 06, 2011 නැව් 04, 2012 නැව් 09, 2013 නැව් 20, 2014 නැව් 10, 2015 මේ දක්වා නැව් 02 ලෙස නයිජීරියානු මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාර වලට ලක්වී ඇත. තවද නයිජීරියාව යනු බොකෝ හරාම් නම් ත්‍රස්ථවාදී කණ්ඩායමේ නිජබිම වන අතර මේවනවිල රටතුල විශාල ව්‍යාකූල තත්වයක්ද නිර්මාණය වී ඇත.

    මෙවැනි තත්වයක් යටතේ ඇත්තවශයෙන්ම මොහු නැවු වලට ආරක්ෂාව දුන්නාද? එසේ නැතහොත් මුහුදු කොල්ලකරුවන්ට හා අනෙකුත් ත්‍රස්තවාදීන්ට ආයුධ ලබාදුන්නාද? යන්න තීරණය කිරීම ඔබට භාරයි.

    Share