ඥානසාර හිමි දර්ගා නගරයට පොලීසිය සීරුවෙන්

10/Aug/2015

 

බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ඡන්ද ප්‍රචාරක රැස්වීම් දෙකක් අලුත්ගම හා දර්ගා නගරයේ පැවැත්වීමට යාම නිසා අද (9) එම පෙදෙස්හි පොලිස් ආරක්ෂාව දැඩි කර ඇත.

අවට පොලිසි වලට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ කොමාන්ඩෝ භටයන්ද ජල ප්‍රහාරක රථ හා කැරළි මර්දන රථද සීරුවෙන් තබා ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ඉහළ පෙලේ පොලිස් නිලධරයෝ පිරිසක්ද එහි යවනු ලැබ සිටිති.

ඥානසාර හිමි ඊයේ සංවිධානය කරන ලද රැස්වීමක දීද පොලීසියත් සමඟ ගැටුමක් ඇතිකරගැනීමට උත්සාහ කරන ලදී.

මීට පෙර බොදු බල සේනාව අළුත්ගම රැලියක් සංවිධානය කළ අවස්ථාවේ දැඩි කලබලකාරී තත්වයක් උද්ගතවූ අතර කිහිප දෙනෙකුට සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු විය.

අළුත්ගම කෙසේ වෙතත් මුස්ලිම් ජනතාව පමක් 90% පමණ වෙසෙන දර්ගා නගරයේ බොදු බල සේනාව වැනි මුස්ලිම් විරෝධී සංවිධානයක් දේශපාලන රැස්වීමක් සංවිධානය කිරීමේ අරමුණ යම් කිසි කළබලකාරී තත්වයක් උද්ගත කිරීම පමණක් බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

 

Sri Lanka number one Racists Bastard Don't give your vote