The Rights Of Minorities

Sri Lankan Muslims UK
M I M Farook
Reporter
Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

ගෝඨා බැසිල් ගැටේ, බැසිල් ඡන්ද ව්‍යාපාරයෙන් ඉවතට
03/Aug/2015
මෙවර මහ මැතිවරණ සටන ආරම්භයේදී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේවනවිට මැතිවරණ කටයුතු වලින් මුළුමනින්ම ඉවත්ව ඇතැයි මහින්ද රාජපක්ෂගේ සමීපතමයින් ප්‍රකාශ කරති.
සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කෙටුම්පත් කිරීමේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග ඇතිවූ මතගැටුමක් මෙයට හේතුවී තිබේ.
බැසිල් රාජපක්ෂගේ අනුගාමිකයින් වූ ජගත් වැල්ලවත්ත/ ධම්ම දිසානායක/ නිමල් බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් සන්ධානය වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් කෙටුම්පත් කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස්මත දයාන් ජයතිලක/ නාලක ගොඩහේවා/ චරිත හේරත් ඇතුළු පිරිසක් තවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් කෙටුම්පත් කර ඇත.
මිට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදේශකයින් පිරිසක් ද ප්‍රතිපත්ති මාලාවක් කෙටුම්පත් කර තිබේ.
කෙසේවුවද බැසිල් රාජපක්ෂ පිරිස විසින් සැකසු ප්‍රතිපත්ති කෙටුම්පත එළිදැක්වීමට සියලු කටයුතු සුදානම් කර තිබිය දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂට බැනවැදී මුද්‍රිත එම ප්‍රතිපත්ති කෙටුම්පත් සියල්ල ගිනි තබන්නැයි නියෝගකර ඇත.
අනතුරුව පසුගියදා කොළඹ හෙන්රි පෙදිරිස් ක්‍රීඩා පිටියේ පැවති උත්සවයේදී එළිදක්වනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදේශකයින් විසින් ඒකාබද්ධව අමුණු ප්‍රතිපත්ති ප්‍රකාශනයකි.
එහි දොළොස් වැදෑරුම් කරුණු සහිත මුලික කොටස ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයින් විසින් ද යහපාලනයට අදාළ අවසන් කොටස මෛත්‍රීපාල සිරිසේනගේ උපදේශකයින් විසින් ද කෙටුම්පත් කර තිබිණ.