The Rights Of Minorities

Sri Lankan Muslims UK

M I M Farook

Reporter 

  • LATEST NEWS

  • ARTICLES

  • VIDEOS

  • PHOTOS

  • CONTACT

  • More

    Sri Lankan Muslims Against to Sri Lankan Government & Sinhalese Racist Groups

     

    Visit

    Glasgow

    Scotland

     

    Call

    T: +447598309827

     

    Contact

    srilankanmuslimuk@yahoo.com

    • facebook
    • Twitter Clean
    • w-googleplus

    Sri Lankan Muslim UK © Copyright. All Rights Reserved 

     Proudly created by 

    M.I.M.Farook

    පොළොව පැලෙන අපරාධ: මහින්ද මහා මාර්ගයෙන් වසරකට බිලියන 200කට එහා කොල්ලකා ඇති අයුරු

    02/Apr/2015

     

    අධිවේගය හම්බන්තොට සිට මාතර දක්වා දිගු කිරීම සඳහා උපදේශන සේවාවට පමණක් එක කිලෝ මීටරයකට රුපියල් මිලියන 124ක් ඉකුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මහා මාර්ගය අමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදී ඇති බවත්, මෙලෙස මහජන මුදල් රුපියල් බිලියන ගණනක් කොල්ල කා ඇති අතර “මේවා පොළොව පැලෙන අපරාධ” බවත් මහාමාර්ග හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    පසුගිය 2014 වසර මූල්‍ය අක්‍රමිකතා වැඩි වසර බවද, පැවසූ අමාත්‍යවරයා එම වසර සඳහා ව්‍යාපෘතිවලට ඇස්තමේන්තු කළ රුපියල් බිලියන 333කින් බිලියන 200ක් අපතේ යවමින් කොල්ල කා ඇතිබවත්, මහා මාර්ග අමාත්‍යංශය භාරව කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහු මෙම මහජන මුදල් කාබාසිනියා කොට කොල්ල කෑමට සෘජුව වගකිව යුතු බවද අමාත්‍ය කබීර් හෂීම් මහතා පෙන්වා දුන්නේය. මහමාර්ග හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ අද(02) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාමාර්ග හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා,

    එසේම ලුණුගමවෙහෙර – කතරගම මාර්ගයේ එක කිලෝ මීටරයකට රුපියල් මිලියන 255ක්ද, රථවාහන තදබදය අවම කිරීම සඳහා කෑගල්ලේ ඉදිකළ විකල්ප මාර්ගයේ එක කිලෝ මීටරයකට රුපියල් මිලියන 722ක්ද වැය කරලා. එ‍තරම් විශාල මුදලක් වැය කර එම විකල්ප මාර්ගය ඉදිකළද එය තවමත් නාය යමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා බොහෝ දෙනෙකු මෙවැනි මූල්‍ය වංචා වහන්න හදනවා.

     

    වීරකැටියේ පාරක් හදාගෙන යන්නේ ඊටද කිසිදු අනුමැතියක් ලැබී නැතිව. රාජපක්ෂ ආණ්ඩුව වත්මන් රජයට සංවර්ධන ව්‍යාපෘති ගැන අභූත චෝදනා නගන්නේ ඒවා කොමිස් ගහන විදියට නොකරන නිසා. බලය නැති අය දැන් මඩ ගහනවා. එසේ කරන්නේ තම හිතවතුන්ට එම ව්‍යාපෘති දීමට නොහැකි වූ නිසා. අපේ රජය එවැනි ආකාරයට හිතවතුන්ට ව්‍යාපෘති දෙන්නේ නැහැ. ටෙන්ඩර් ක්‍රමය අනූව විනයක් ඇතිව එම කටයුතු කරනවා.

    එසේ නොකර මූල්‍ය විනයක් හදන්න බැහැ. පසුගිය 2014 වසර මූල්‍ය අක්‍රමිකතා වැඩි වසරම. එම වසර සඳහා ව්‍යාපෘතිවලට ඇස්තමේන්තු කළ රුපියල් බිලියන 333කින් බිලියන 200ක් 

    පමණ අපතේ ගොස් තිබෙනවා.

    මේ නිසා රටට වැදගත් ඉහළ වටිනාකමක් ඇති ව්‍යාපෘති විනිවිද භාවයෙන් කරන අතර මේ ගැන විමර්ශන කරනවා. එම කටයුතු සඳහා දේශීය බැංකු උපයෝගි කරනවා. ලබාගත් විදේශ ණය ඇතැම් ව්‍යාපෘති සඳහා වැය කිරීම් කළේ කෙසේදැයි නිවැරදි විගණනයක් සිදුකරනවා. වේයන්ගොඩ – රුවන්වැල්ල කිලෝ මීටර් 19ක පාරක ඉදිකිරීම් අරඹා කිලෝමීටර් 5ක් හැදූ පසු යළිත් එම කිලෝමීටර් 5ද මුළු කිලෝමීටර් 19ට එකතු කර යළි ඇස්තමේන්තුවක් සකසා තිබුණා. ඇත්තටම මේවා මේවා පොළොව පැලෙන අපරාධ. මේ අපේ රටේ දුක් විඳින ජනතාවගේ සල්ලි

    Share